සංගක්කාරට ඉන්දියාවෙන් විශේෂ සමරු තිළිණයක්
ඉන්දු – ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය කොළඹ පී.සරා ඕවල් ක්‍රීඩාංගණයේදී අද ආරම්භ විය. දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩ...
https://www.sathhanda.com/2015/08/kumar-sangakkara-final-match-galle.html?m=0
ඉන්දු – ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය කොළඹ පී.සරා ඕවල් ක්‍රීඩාංගණයේදී අද ආරම්භ විය.
දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ඉන්දීය කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 319ක් රැස් කරගෙන සිටියහ. ක්‍රිකට් දිවියේ අවසන් තරගයට සහභාගී වන කුමාර් සංගක්කාරට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විශේෂ සමරු තිළිණයක් ප්රදානය කළේ, තරගය ආරම්භ වීමට පෙරදී ය.
සහෝදර ක්‍රීඩකයින්ගේ සහ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ මෙන් ම ක්‍රීඩා ලෝලීන්ගේ උණුසුම් පිළිගැනීම් මැද සංගක්කාර අද දිනයේ පන්දු රැකීම සඳහා පිටියට පිවිසියේ ය.
ඉන්දීය කණ්ඩායමේ මුල් පෙළ කඩුලු දෙක ලකුණු 12කදී අද බිඳ වැටිණි.
ධම්මික ප්‍රසාද්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ මුරලි විජේ ලකුණු රැස් කිරීමට පෙර පිටියෙන් ඉවත් වූ අතර ආජින්ක්යා රහානේ රැස් කළ ලකුණු සංඛ්‍යාව 4කි.
ලෝකේෂ් රාහුල් සහ ඉන්දීය නායක විරාත් කෝලි 3 වන කඩුල්ලට ලකුණු 164ක සබඳතාවක් ගොඩනැගූහ.
11 වන ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළ විරාත් කෝලි ලකුණු 78කට පිටියෙන් ඉවත් වුණේ, රංගන හේරත්ගේ පන්දුවක් ඇන්ජලෝ මැතිව්ස්
රැක ගැනීම හේතුවෙනි.
තම දෙවැනි ටෙස්ට් ශතකය වාර්තා කළ ආරම්භක පිතිකරු ලෝකේෂ් රාහුල්
ලකුණු 108ක් රැස් කළේ ය.
ඉන්දීය පළමු කඩුලු 5 ලකුණු 267කදී බිඳ වැටිණි

Related