කේ.පී ගේ වරදක් තවමත් හොයාගෙන නෑ - නීතිපති
LTTE සංවිධානයේ ජාත්‍යන්තර අංශයේ හිටපු නායක කේ.පී හෙවත් කුමරන් පද්මනාදන් පිළිබඳ දැනට සිදු කළ පරික්ෂණවලදී කිසිදු වරදක් අනාවරණය වී නොමැති බ...
https://www.sathhanda.com/2015/08/kumaran-pathmanathan.html?m=0
LTTE සංවිධානයේ ජාත්‍යන්තර අංශයේ හිටපු නායක කේ.පී හෙවත් කුමරන් පද්මනාදන් පිළිබඳ දැනට සිදු කළ පරික්ෂණවලදී කිසිදු වරදක් අනාවරණය වී නොමැති බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම්දී තිබේ.
කුමරන් පද්මනාදන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ ගොණු කළ පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා මේ බව සඳහන් කළේය.
ඒ අනුව ඉදිරි පරික්ෂණ පිළිබඳ වාර්තාවක් ඔක්තෝබර් 28 වන දිනට හෝ ඊට පෙර ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය නීතිපතිවරයාට දැනුම් දුන් බව අද දෙරණ අධිකරණ වාර්තාකරු කේ.එස් උදය කුමාර් මහතා සඳහන් කර සිටියේය.


Related