එක පසකින් පුත්තලම බලාගාරයට "ගල්අඟුරු ගෙන්වීම පසුපස අභිරහසක්" තිබේලු - තව පසකින් "එහෙම කිසිම අක්‍රමිකතාවක්" නැතිලු

පුත්තලම නොරොච්චෝලේ 'ලක්විජය' තාප බලාගාරයට ඉදිරි තුන් වසරට අමුද්‍රව්‍ය වශයෙන් ගල් අඟුරු සපයා ගැනීමේ ක්‍රියාවේදී රුපියල් කෝටි එක්දහස්...

පුත්තලම නොරොච්චෝලේ 'ලක්විජය' තාප බලාගාරයට ඉදිරි තුන් වසරට අමුද්‍රව්‍ය වශයෙන් ගල් අඟුරු සපයා ගැනීමේ ක්‍රියාවේදී රුපියල් කෝටි එක්දහස් දෙසිය දහ අටක් (12,18,00,00,000) 'මාටියා' ගැසීමට කවුරුන්හෝ පිටපොට ගසන බව එම අමාත්‍යාංශයේ තොරතුරුවලින් හෙළිවේ.

සිද්ධිය ටිකෙන් ටික මාධ්‍ය මඟින් දිග හැරෙන්නට පටන් ගත් විට පිරිසකගේ දත කට පූට්ටු වී ඇති අතර එහි අතුරුඵලය ලක්විජය බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු සපයා ගැනීම ගැටලුවක් වීමය. බලාගාරය පවත්වාගෙන යෑම සඳහා දැනට ගල් අඟුරු ඇත්තේ අගෝස්තු 15 වැනිදා දක්වා බවත් අනතුරුව බලාගාරයේ විදුලි නිෂ්පාදනය ඇන හිටින බවත් බලාගාර ආරංචි මාර්ග කියයි.

මේ දිනවල ලක්විජය බලාගාරයේ නිෂ්පාදනය සීමා කර ඇතැයිද කියති. ඒ අඩුව පුරවා ගැනීම සඳහා කෙරවළපිටිය බලාගාරයෙන් විදුලිය වැඩිපුර නිපදවා ගනු ලැබේ. කෙරවළපිටිය විදුලි බලාගාරයේ නිෂ්පාදනය සඳහා යොදා ගැනෙන්නේ ඩීසල්ය. ඩීසල්වලින් නිදපවෙන විදුලිය ඒකකයක වියදම රුපියල් විසි දෙකකි. නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ ගල් අඟුරුවලින් නිපදවෙන විදුලිය ඒකකයක පිරිවැය රුපියල් හතකි. මේ අනුව කෙරවළපිටිය විදුලි බලාගාරයෙන් විදුලිය සැපයීම නිසා සිදුවන පාඩුව එක ඒකකයකට රුපියල් පහළොවකි. මාසික පාඩුව රුපියල් ලක්ෂ ගණනකි. නොරොච්චෝලේ බලාගාරයට විදුලිය නිපදවීමට ගල් අඟුරු මිලට ගැනීමේ ක්‍රියාවලියේදී සිදුවීමට ඇති පාඩුව රුපියල් කෝටි ගණනකි. ගල් අඟුරු සපයා ගැනීමට සිදුවන ප්‍රමාදය නිසා සිදුවෙන පාඩුවද විශාල එකකි.
මේ සන්තෑසියට හේතු භූත වූ සිද්ධි මාලාව මෙසේය.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පසුගිය හත් වැනිදා ඉදිරිපත් කර ඇති අමාත්‍ය මණ්ඩල සන්දේශයේ දැක්වෙන පරිදි පුත්තලම නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරය විදුලිබල මණ්ඩලය සතු එකම සහ ප්‍රථම ගල් අඟුරු බලාගාරය වේ. දිවයිනේ වර්තමාන විදුලිය ඉල්ලුමට අනුව අඩු මුදලකට සැපයීම සඳහා පියවර තුනකින් ඉදිකෙරුණු බලාගාරයේ ධාරිතාව මෙගා වොට් නවසියයකි. ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව පැවරුණේ "චයිනා මැෂනරි ඉන්ජිනියරින් කොපරේෂන්" යන ආයතනයටය. මාසික නිෂ්පාදන ගිගා වොට් පැය පන්සීය හැටකි. ශ්‍රී ලංකාවේ සමස්ත විදුලි අවශ්‍යතාවෙන් සියයට පනස් පහක්ම මෙම බලාගාරයෙන් නිපදවන බව ඇමැතිවරයා වැඩිදුරටද දක්වා ඇත. බලාගාරයේ විදුලි උත්පාදනය සඳහා වාර්ෂිකව අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණය මෙටි්‍රක් ටොන් විසි දෙලක්ෂ පනස් දහසකි. (22,50,000). මේ සඳහා වැය බර රුපියල් මිලියන හැත්තෑවයි දශම දෙකකි. (70.2). නැතහොත් රුපියල් හත්සිය කෝටි විසි ලක්ෂයකි. (7,00,20,00,000). ඉදිරි තුන් වසරට සපයා ගැනීමට අවශ්‍ය තොගය මෙටි්‍රක්ටොන් හැට හත් ලක්ෂ පනස් දහසකි (67,50,000).

මේ තොගය ඉතා විශාල එකක් බැවින්ද වැඩි මුදල් වැය කිරීමට සිදුවන බැවින්ද, ගුණාත්මක තොගයක් අඩු මුදලකට සපයා ගත යුතු බැවින්ද මෙවරද ජාත්‍යන්තරයෙන් මිල ගණන් කැඳවීමේ තරගකාරී ක්‍රමවේදය අනුගමනය කර තිබේ.ඒ අනුව 2014.08.23 වැනි දිනය අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි ජාත්‍යන්තර මිල ගණන් කැඳවා ඇත. අවශ්‍ය ගල් අඟුරු තොගයේ ඇස්තමේන්තු අගය ඩොලර් මිලියන පන්සිය පනහක් හෙවත් රුපියල් කෝටි හත්දහස් හත් සියයකි (77,00,00,00,000). ලංකා ඉතිහාසයේ ගල් අඟුරු මිලට ගැනීමේ විශාලම තොගය මේ බවද සඳහන් කළ යුතුය.

ටෙන්ඩරය විවෘත කරනු ලැබුවේ මේ වසරේ (2015) අප්‍රේල් අටවැනිදාය. ජාත්‍යන්තර සමාගම් අටක් ටෙන්ඩරයට ප්‍රතිචාර දක්වා තිබිණි. තාක්ෂණික කමිටුව ගල් අඟුරු සැපයීමට අපේක්ෂිත සමාගම් ඉදිරිපත් කර තිබූ ලියකියවිලි පරීක්ෂා කිරීමේදී සමාගම් තුනක් ප්‍රමාණාත්මක ප්‍රතිචාර නොදක්වා නිසි ලෙස ටෙන්ඩර් ඉදිරිපත් කර නොතිබීම නිසා පළමු අදියරේදීම ප්‍රතික්ෂේප කරනු ලැබිණි. ගල් අඟුරු තොග සපයා තිබීමේ පළපුරුද්ද ටෙන්ඩරය පිරිනැමීමේ සුදුසුකමක් වුවද එම සුදුසුකම නැති සමාගමක ඉල්ලීමද දෙවැනි ඇගැයීමේදී ප්‍රතික්ෂේප වී ගොස් තිබේ. ඉදිරිපත් වූ ටෙන්ඩර් සමාගම් අටෙන් හතරක්ම මේ අනුව ප්‍රතික්ෂේප කෙරී ඇත. ඉතුරු වූ සමාගම් හතර සැපයුම්කරුවන් වශයෙන් තේරීමට සුදුසුකම් ලබා ඇති බවට තාක්ෂණ කමිටුවෙන් නිර්දේශ කෙරී තිබේ. එසේම ඒ සමාගම් හතරේ මිල යෝජනා විවෘත කිරීමට 2015-04-16 වැනිදාට දිනයක් ද තාක්ෂණික කමිටුවෙන් නිර්දේශ කෙරී ඇත.

සැපයුම්කරුවන් වශයෙන් සුදුසු බවට තාක්ෂණික කමිටුවෙන් නිර්දේශිත සමාගම් හතර මෙසේය. නෝබල් රිසෝසස් ලිමිටඩ් (ව්ධඡතඥ අඥඵධභපජඥඵ ඹ්ඊච්) ස්විස් සිංගප්පූර් ඔවර්සීස් (ඉඹඪඵඵ ඉඪදඨචනධධප ර්ණීමඥපඵඥචඵ), ඇඩ්මින් ග්ලෝබල් ලිමිටඩ් (ඒඤචථඪද ට්තධඡඥත ඹ්ඊච්) සහ ට්‍රෙට්ගෙයා ලිමිටඩ් (ඊපචබඨචපඥ ඹ්ඊච්) ය. ගල් අඟුරු තොගය සපයා ගැනීම සඳහා මේ දක්වා මෙසේ අනුගමනය කෙරී ඇත්තේ පිළිගත් ටෙන්ඩර් පටිපාටිය මෙන්ම ප්‍රසම්පාදන අත්වැලටද (ර්ථීපධජභපඥ ට්භඪඤඥ ඹ්ඪදඥඵ) අනුගත ක්‍රමවේදයයි. එහෙත් ප්‍රසම්පාදන අත්වැලේ සියලුම උපදෙස්ද නීති රීතිද උල්ලංඝනය කරමින් ගල් අඟුරු සපයා ගැනීම සඳහා ඉදිරිපත් කෙරී තිබූ අමාත්‍ය මණ්ඩල සන්දේශයකට 2015.05.15 දින අමාත්‍ය මණ්ඩලය අනුමැතිය දී තිබේ. එසේ අනුමත කෙරී තිබුණේ තාක්ෂණ කමිටුවෙන් ප්‍රතික්ෂේප කර තිබූ ටෙන්ඩර්කරුවන් සිවු දෙනාගෙන් තිදෙනකුගේද මිල යෝජනා සහිතව වේ. එපමණක් නොව සමස්ත ටෙන්ඩර් නීති රීති උල්ලංඝනය කරමින් එසේ ඉදිරිපත් කර තිබුණේද එම ආයතන ප්‍රතික්ෂේප කිරීමට තාක්ෂණ කමිටුවෙන් ප්‍රතික්ෂේප කර තිබූ සියලුම අඩුපාඩු සංශෝධනය කිරීමෙනි. ඒ අන්දමින් සංශෝධන කෙරුණු අමාත්‍ය මණ්ඩල සන්දේශයට අනුමැතිය ලැබී ඇත්තේ අමාත්‍ය මණ්ඩලයට කරුණු වසන් කර ඉදිරිපත් කිරීමෙන් බවට අමාත්‍යාංශයේ රාවයක්ද නැඟී ඇති බවද කිව යුතුය.


ඉතාම විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට මෙසේ වීමට පාදක වී ඇත්තේ තාක්ෂණික කමිටුවෙන් මුල් වටයේදීම ප්‍රතික්ෂේප වූද, ඉහළම ප්‍රබලයකුගේ සහයෝගය ඇත්තා වූද සමාගමක් බව කියන ආයතනයකට අවස්ථාව උදාකර දීමට බවද පැවැසේ. තාක්ෂණික කමිටුවේද, ප්‍රසම්පාදන මණ්ඩලයේද නිර්දේශද නොතකා මේ අන්දමේ අමාත්‍ය මණ්ඩල සන්දේශ ඉදිරිපත් කෙරී නැති බවද අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි. මෙමඟින් ලබාගෙන ඇති අමාත්‍ය මණ්ඩල අනුමැතිය නිසා නිවැරැදිව ටෙන්ඩර් ඉදිරිපත් කළ ටෙන්ඩර්කරුවන්ට විශාල අගතියක් සිදුවී ඇත. කෙසේ වෙතත් අමාත්‍ය මණ්ඩල තීරණය අනුව මිල ගණන් යෝජනා 2015.05.16 දින විවෘත කරනු ලැබ අඩුම මිල ගණන් ඉදිරිපත් කෙරී තිබූ බව කියන ඇම්.ඇස්. නෝබල් රිසෝසස් සමාගමට ටෙන්ඩරය පැවැරීමට තාක්ෂණ කමිටුවෙන් නිර්දේශ කෙරී තිබේ. අමාත්‍ය මණ්ඩලයෙන් පත් කෙරුණු ප්‍රසම්පාදන මණ්ඩලය මෙම තීරණයෙන් පසුව මිල සාකච්ඡා කිරීමට නෝබල් රිසෝසස් සමාගම 2015-06-19දා කැඳවනු ලැබ ඇත.

මේ කැඳවීමේ ක්‍රියාව ටෙන්ඩර් කොන්දේසි සහ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අත්වැල අනුවද නීති විරෝධී ක්‍රියාවකි. එවැනි ක්‍රියාවකට අමාත්‍ය මණ්ඩලයේද අනුමැතියක් නැත. එහෙත් ප්‍රසම්පාදන මණ්ඩලය එසේ කර ඇත්තේ දේශපාලන බලයකට බව කියති. සිද්ධි මාලාව එසේ වුවද ප්‍රසම්පාදන මණ්ඩලයේ කිසිදු ඉල්ලීමකට එකඟ වී නැතැයි කියන ඇම්.ඇස්. නෝබල් රිසෝසස් සමාගමට ටෙන්ඩරය නොදීමට ඉන්පසු හේතු සොයන්නට පටන්ගෙන ඇතැයිද ඒ සඳහා නීති උපදෙස් සොයා ඇති බවද දැනගන්නට ඇත. ටෙන්ඩර් ලියකියවිලිවල ඇති මිල සැකසීමේ සූත්‍රය (ර්ථීපඪජඥ ඒඤණභඵබථඥදබ ජ්ධපථභතච ටධප ඵඪලඥ ඍචපඪචබඪධද) වෙනස් කරන ලෙසට අභියාචනාවක් පස්වැනි තැනට අඩුම මිල ගණන් ඉදිරිපත් කර තිබූ ඇම්.ඇස්. ස්විස් සිංගප්පූර් සමාගමෙන් 2015.06.29දා ලබාගෙන තිබේ.

එය සම්පූර්ණයෙන්ම නීති විරෝධී ක්‍රියාවකි. ටෙන්ඩර් ලියකියවිලිවල ඇති කොන්දේසියක් වෙනස් කෙරේ නම් එය ටෙන්ඩර් භාරදීමට පෙර පැවැත්වෙන රැස්වීමේදී (ර්ථීපඥ ච්ඪඤ ර්ඥඥබඪදඨ) කළ යුත්තකි. එපමණක් නොවේ එම වෙනස්කිරීම ටෙන්ඩර් පත් ලබාගත් සියලුම ටෙන්ඩර්කරුවන්ටම දැන්විය යුත්තකි.
ටෙන්ඩර් විවෘත කිරීමෙන් පසු එක් ටෙන්ඩර්කරුවකුගේ අවශ්‍යතාව මත ටෙන්ඩර් කොන්දේසි යළි සකස් කිරීම බරපතළ වංචාවකි. මෙසේ යම් සංශෝධනයක් කෙරෙන්නේ නම් කළ යුතු සාධාරණ නීත්‍යනුකූල ක්‍රියාමාර්ගය ටෙන්ඩරය අවලංගු කර සෑම දෙනාටම සහභාගි වන සේ යළි ටෙන්ඩර් කැඳවීමය.


තත්ත්වය මෙසේ තිබියදී 2015.06.29 දින ඇම්.ඇස්. සිංගප්පූර් සමාගමෙන් ඉදිරිපත් කෙරුණු හෝ කරවා ගනු ලැබූ අභියාචනය සාධාරණ එකක් සේ සලකනු ලැබූ ප්‍රසම්පාදන මණ්ඩලය එදිනම (2015-06-29) තාක්ෂණික කමිටුවට උපදෙස් දී ඇත්තේ නැවැත ඇගැයීමක් කරන ලෙසටය. එසේ ඉල්ලා ඇත්තේ ද මිල සැකසීමේ සූත්‍රය ද වෙනස් කිරීමෙනි. එය බරපතළ විෂමාචාරයකි. ප්‍රසම්පාදන මණ්ඩලයේ ඔය කියන නියෝගය හෝ ඉල්ලීම හෝ බලපෑම හෝ පිළිගෙන ඇති තාක්ෂණ කමිටුව ස්විස් සිංගප්පූර් සමාගම යෝජනා කළ අලුත් මිල සැකසීමේ සූත්‍රය අනුව ඇගැයීමට ලක්කර එම සමාගම (ස්විස් සිංගප්පූර්) අඩුම මිල ගණන් ඉදිරිපත් කළ සමාගම බවට (ටෙන්ඩර්කරු) 2015.07.03 නිර්දේශ කර තිබේ. කුට්ටමේ කොළ ටික තමන්ගේ අවශ්‍යතා පරිදි අනාගත් කිසියම් කෙනකු හෝ කිසියම් පිරිසක් හෝ එපරිද්දෙන්ම සූදුව සෙල්ලම් කර තිබේ. තාක්ෂණ කමිටුවේ වාර්තාව ලැබීමෙන් පසු එදිනම (2015-07-03) ප්‍රසම්පාදනය මේ සඳහාම රැස්වී එම ස්විස් සිංගප්පූර් සමාගමට ටෙන්ඩරය පිරිනැමීමට නිර්දේශ කර තිබේ. තාක්ෂණ කමිටුව රැස්වී නිර්දේශය දුන් දාම ටෙන්ඩර මණ්ඩලයද රැස්වී ටෙන්ඩරය පිරිනැමීමට තරම් වූ හදිස්සිය ද සැකයකට පාදක වන්නකි. එසේ නම් බලසම්පන්නයකු ඒ සිද්ධිය යටින් සිටින බවට සැකය තහවුරු කරන්නකි.

නෝබල් රිසෝසස් සමාගම මිල ඉදිරිපත් කර තිබුණේ ගල් අඟුරු මෙට්රික් ටොන් එකකට ඇමෙරිකන් ඩොලර් 75.59කටය. උප්පරවැට්ටි දමා ටෙන්ඩරය ලබාගෙන ඇති ස්විස් සිංගප්පූර් සමාගම මිල ගණන් ඉදිරිපත් කර තිබුණේ මෙට්රික් ටොන් එකකට ඇමෙරිකන් ඩොලර් 87.96ක් වශයෙනි. ඒ මිල දෙකේ වෙනස ඇමෙරිකන් ඩොලර් 12.37කි. මේ මඟින් වැඩිපුර ගෙවිය යුතු මහජන මුදල් ප්‍රමාණය ඇමෙරිකන් ඩොලර් මිලියන 87කි. රුපියල්වලින් කිවහොත් රුපියල් කෝටි එක්දහස් දෙසිය දහඅටකි. (12,18,00,00,000).

ඉතාම අඩු මිලකට ගල් අඟුරු මෙට්රික් ටොන් එකත් සැපයීමට මිල ගණන් ඉදිරිපත් කර තිබූ ආයතන කොන්කර වැඩි මිලකට ඉදිරිපත් වූ ආයතනයට ටෙන්ඩරය භාරදීම බරපතළ වංචාවකි. අක්‍රමිකතාවකි. ඒ කාගේ හරි අවශ්‍යතාවකටය. මීයක් කඩන්නේ අත ලෙව කන්නට නොවන බවද කිවයුතුය. එසේ නම් ඔය මාටියා පාර යන්නේ කාගේ සාක්කුවට දැයි බුද්ධිමතුන් විමසිය යුතුවේ.

සිද්ධියේ ඊළඟ පියවර නම් අගතියට පත් නෝබල් රිසෝසස් සමාගම ප්‍රමුඛ සෙසු පාර්ශ්වකරුවන් තමන්ට සිදුවූ අසාධාරණය පිළිබඳව ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයට පැමිණිලි කිරීමය. එම පැමිණිල්ලේ වාර්තාව එම මණ්ඩලය ඉදිරිපත් කළ යුතුව ඇත්තේ අමාත්‍ය මණ්ඩලයටය. දැන් එම වාර්තාව සකස් කර අවසන් බවද දැනගන්නට තිබේ. එහෙත් එම වාර්තාවේ අන්තර්ගතය කුමක් දැයි අපට කිව නොහැකිය. ස්විස් සිංගප්පූර් සමාගමට කොන්ත්‍රාත්තුව පැවැරීමට ප්‍රසම්පාදන මණ්ඩල වාර්තාවේ නිර්දේශ කෙරී ඇත්නම් එම නිර්දේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබෙන්නේ නම් රුපියල් කෝටි එක්දහස් දෙසිය දහ අටක මහජන මුදලක් කාගෙ කාගෙත් සාක්කුවලටය. එසේ නොවුණහොත් මහජන මුදල් බේරාගත හැකිය. ඒ එක් පැත්තකි. අනෙක් පැත්ත මේ මහජන මුදල් කන්දරාව ගසාකෑමට තැත් කළ බුරුත්ත ගැන සොයා බලා ඔවුනට දඬුවම් දීම උතුම් වූ යහපාලනයේ වගකීම බව යහපාලනය අගේ කරන නිලධාරීන්ගේ ඒකායන අපේක්ෂාවයි

මෙයට ප්‍රතිචාර ලෙස විදුලිබල අමාත්‍යංශයේ ලේකම් විසින් පහත සඳහන් මාධ්‍ය නිවේදනය අපවෙත ඒවා තිබේ.


"පුත්තලම ලක්විජය බලාගාරයට ගල් අඟුරු මිලදී ගැනීමේ සැබෑ පසුබිම"

ලක්විජය බලාගාරයේ පළමු අදියර ලෙස ක්‍රියාකාරීම ආරම්භ කරන ලද්දේ වසර 2010දීය. දෙවන සහ තෙවන අදියරයන් සමඟ පූර්ණ ක්‍රියාකාරිත්වයේදී මෙගාවොට් 900ක ධාරිතාවයක් ජාතික විදුලි බල පද්ධතියට එකතු වේ.

ලංකාවට ඉදිරි අනාගතයේ දි විදුලිය ජනනය කිරීමට ගල් අඟුරු ගෙන්වීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය යටතේ සමාගමක් ලෙස 2007 අංක 7 දරන සමාගම් පනතේ අංක 203 වගන්තිය යටතේ ලංකා ගල් අඟුරු සමාගම, සමාගමක් ලෙස ස්ථාපිත කරන ලදී. ඒ අනුව ලංකාවට අවශ්‍ය ගල් අඟුරු ආනයනය කිරීම සඳහා ලංකා ගල් අඟුරු සමාගමට බලය පැවරී ඇත.

2015 අප්‍රේල් මස අවසන් වන විට මෙම සමාගම විසින් අප රටට ගල් අඟුරු මෙ.ටො. 4,298,692ක් නැව්ගත කිරීම් 73ක් මගින් ආනයනය කර ඇත. මෙම ආනයනය කර ඇත්තේ එකම සැපයුම්කරුවෙකු මගිනි.වෙනත් සැපයුම්කරුවන් මගින් මේ දක්වා නැව්ගත කිරීම් 5ක් මගින් ගල් අඟුරු මෙ.ටො.284,978ක් ආනයනය කරන ලදී. එම සැපයුම්කරුට පළමු ටෙන්ඩරය ප්‍රදානය කරන ලද්දේ, වසර 03 ක අවශ්‍යතාවන් සඳහා දළ වශයෙන් මෙට්‍රික් ටොන් 2,237,994 කට පමණි. එනමුත් මෙම සැපයුම්කරුට වසර 03 කදී පහත සඳහන් පරිදි ලංකාවට ගල් අඟුරු ආනයනය කිරීමට අතිරේක අවස්ථා ලබාදී ඇත.

පළමු අවස්ථාව - මෙ.ටො. දසලක්ෂයයි. සපයා ඇත්තේ මෙ.ටො. 210,972

දෙවන අවස්ථාව - මෙ.ටො. 200,000. සපයා ඇත්තේ මෙ.ටො. 222,739

තුන්වන අවස්ථාව - මෙ.ටො. 1,970,000. සපයා ඇත්තේ මෙ.ටො.1,626,987

ඒ අනුව මෙම සැපයුම්කරු විසින් සම්පූර්ණයෙන්ම ගල් අඟුරු මෙ.ටො. 4,298,692 ක් සපයා ඇත. මෙහි විශේෂ ලක්ෂණයක් වන්නේ එම සැපයුම්කරු විසින් විවිධ අවස්ථාවන්වල සපයා ඇති ගල් අගුරු ගාස්තු වශයෙන් මෙ.ටො. 1 ක මිල ගණන් ඇමරිකානු ඩොලර් 144 – 100 අතර දෝලනය වීමය. මෙම තත්ත්වය 2014 වර්ෂය දක්වා පැවතිණ.

පළමු ටෙන්ඩර් කාලසීමා අවසානයේදී රජය විසින් අවස්ථා කිහිපයකදී ගල් අගුරු මිලදී ගැනීම සඳහා ජාත්‍යන්තර තරඟකාරි ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කරන ලදී. එනමුත් විවිධාකාර තාක්ෂණික හා තාක්ෂණික නොවන හේතූන් මත කිසිඳු ටෙන්ඩරයක් සාර්ථකව අවසන් කළ නොහැකි විය. අවසාන ප්‍රතිඵලය වූයේ රජයට, මුල් සැපයුම්කරුට ගල්අඟුරු සැපයීම සඳහා අවස්ථාව ලබාදීමට සිදුවීමයි.

නමුත් මෙම ක්‍රියාවලිය යහපත් හා විනිවිද නොවන බව රජයේ ස්ථාවරයයි. තවද මෙම සැපයුම්කරුට ගෙවන ලද මිල ගණන් දැනට පවතින වෙළඳපොලෙහි මිලට වඩා වැඩි අගයක් බව රජයේ අදහසයි. මිලදී ගැනීම් සඳහා රජය විසින් පවත්වාගෙන යන ක්‍රමවේදයන් අනුව ඉතාම මෑතකදී රජයේ පුවත්පත් මගින් ප්‍රසිද්ධ දැන්වීමක් පළකර වසර 03ක අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා ගල් අඟුරු ආනයනය කිරීමට මිල ගණන් කැඳවන ලදී. ඒ අනුව ඉදිරිපත්වූ මිල ගණන් අනුව ලැබුණ අඩුම මිල ගණන් පහත වගුවේ දක්වා ඇත.


Name
FOB Price
US$
Freight
US$
Lightering US$
Insurance
US$
Total CIF
US$
Supplier 01
68.72
7.60
6.75
            0.02
83.09
Supplier 02
68.72
9.9
3.8
            0.05
82.47

ඉහත සඳහන් මිල ගණන් අනුව මුල් සැපයුම්කරුගේ අවසන් නැව්ගතකිරීමේ ගාස්තුව හා සැසඳීමේදී පරතරය වනුයේ, මෙ.ටො. 1 කට ඇ.ඩො. 1.7 ක අඩුවීමකි. අවසන් කාලසීමාවේදී සැපයුම්කරු විසින් ගල් අඟුරු මෙ.ටො.1,849,726 ක් දළ වශයෙන් මෙ.ටො. 1 කට ඇ.ඩො. 90.07 කට වන මිලකට ආනයනය කර ඇත. මෙම ආනයනයට සියලුම ගාස්තු ( නැව්, රක්ෂණ සහ අනෙකුත් ගාස්තු ) අදාළවී ඇත. 

රජය සහ අමාත්‍යාංශය ඉතා දැඩිව විශ්වාස කරන ලද්දේ මෙම අගයන් තවදුරටත් පහළ හෙලිය හැකි බවත් සහ එම අගයන් දැනට වෙළඳපොළ මිලගණන් වලට වඩා ඉහළ අගයන් බවත්ය. ඒ අනුව අමාත්‍යාංශය ඉතා දැඩි හා නිර්භය තීරණයකට එළඹ, ගල් අඟුරු මෙ.ටො. 165,000 ක් ක්ෂණිකව ලබාගැනීම සදහා මිලගණන් (Spot tender) කැඳවන ලදී. මෙම අවශ්‍යතාවය සාමාන්‍යයෙන් සති 03 කට විදුලිබලය නිපදවීමට ප්‍රමාණවත් වේ. දළ වශයෙන් දිනකට මෙ.ටො. 7000ක් අවශ්‍යවන අතර මසකට මෙ.ටො. 210,000ක් අවශ්‍ය වේ. මෙහිදී පරමාර්ථය වූයේ වෙළඳපොළ පවත්වන පහත මිල ගණන් ලබාගැනීම සඳහා දැනට ලෝක වෙළඳපොළ පවතින අඩු මිල ගණන්වල ප්‍රථිලාභ අපට ලබාගැනීමයි.

අප ඉතා සතුටින් දන්වනුයේ මෙම මස 10 දින මෙ.ටො. 165,000ක් මිලදී ගැනීම සඳහා ක්ෂණික ටෙන්ඩරයකින් ඉතා සාර්ථකව මිල ගණන් කැඳවා අවම අගය වූ මෙ.ටො. 1ක් සඳහා ඇ. ඩො. 69.47 කට ප්‍රදානය කිරීමට හැකිවීමයි. මෙය මෑතකදී කැඳවන ලද ටෙන්ඩරයෙහි අවම මිල ගණන් වලටත් වඩා විශාල අඩු වීමකි. එම අඩුවීමේ ප්‍රමාණය ගල් අඟුරු මෙ.ටො. 1 කට ඇ.ඩො. 13 කි. ඒ අනුව මසකට අවශ්‍යවන ගල් අඟුරු මෙ.ටො. 210,000 ක් සඳහා ඇ.ඩො. මිලියන 2.3ක ප්‍රතිලාභයක් රටට ලැබී ඇත. මේ අනුව ආසන්න වශයෙන් වසරකට අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණය වන මෙ.ටො. මිලියන 2.25 වන බැවින් වසර 03 ක් තුළ රටට ඇතිවන ප්‍රතිලාභය පහත සඳහන් වගුවෙන් පෙන්වා දී ඇත.


Average Price in
US$
Total cost of 6.75 Million MT
Supplier 01
 Average Price
for last season



90.07



607.973

Supplier 02
 Lowest Price
of the latest tender
not awarded




82.47




556.673

Spot Tender
69.47
468.923

ඒ අනුව දළ වශයෙන් අපගේ මෙම ක්‍රියාමාර්ගය හේතුවෙන් ඇ.ඩො. මිලයන 139 ක් හෝ ලංකා රු. බිලියන 19 ක් රටට ඉතිරිවී ඇත. 

ධනුෂ්ක රාමනායක
මාධ්‍ය ලේකම්
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය
2015.08.13



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7803492512373866935

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item