ජාතික ලැයිස්තුවට එරෙහි පෙත්සම සළකා බැලේ
එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර සදහා මැතිවරණයෙන් පරාජිත අපේක්ෂයන් නම් කිරීමට එරෙහිව ඉකුත්දා ගොණු කෙරුණු ප...
https://www.sathhanda.com/2015/08/petition-against-sri-lanka-national-government.html?m=0
එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර සදහා මැතිවරණයෙන් පරාජිත අපේක්ෂයන් නම් කිරීමට එරෙහිව ඉකුත්දා ගොණු කෙරුණු පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද (31) සළකා බැලෙනවා. මෙම පෙත්සම ගොණුකරනු ලැබුවේ මහජන එක්සත් පෙරමුණේ උප සභාපති සෝමවීර චන්ද්‍රසිරි මහතා විසින්.
අදාළ පෙත්සම විභාග කිරීම සදහා ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයක් නම් කර තිබෙනවා.
සෝමවීර චන්ද්‍රසිරි මහතා පැවසුවේ, අගවිනිසුරු කේ ශ්‍රී පවන් මහතාද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රියන්ත ජයවර්ධන සහ අනිල් ගුණවර්ධන යන මහත්වරුන්ද මෙම විනිසුරු මණ්ඩලයට ඇතුළත් බවයි.

Related