ගුවනේ රටා මැවූ ලෝක වාර්තාව
චමත්කාරජනක දසුනක් මවමින් ගුවනේ සිට මලක ආකාරයෙන් රූ රටා දැක්වූ 164 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් ලෝක වාර්තාවක් තබා තිබේ. ඒ ඇමෙරිකාවේ ඉලිනොය...
https://www.sathhanda.com/2015/08/skydiving-world-records.html?m=0
චමත්කාරජනක දසුනක් මවමින් ගුවනේ සිට මලක ආකාරයෙන් රූ රටා දැක්වූ 164 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් ලෝක වාර්තාවක් තබා තිබේ. ඒ ඇමෙරිකාවේ ඉලිනොයිස් ප්රාන්තයේ පිරිසක් විසින් එම ප්රාන්තයට ඉහළින් ඉහළ අහසේ ය. පැයට සැතපුම් 240ක වේගයෙන් මොවුන් ගුවන් යානයේ සිට පහළට පැන මෙම රූ රටා ගුවනේදී සකසා තිබේ. මොවුන් විසින් බිඳ දමන ලද්දේ 2012 වසරේදී 138 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් විසින් තැබූ වාර්තාවකි. මෙම වාර්තාව බිඳ දැමීමට පසුගිය කාලයේ කණ්ඩායම් 13ක් උත්සහ කළ ද එම උත්සහයන් අසාර්ථක වී තිබිණ.


Related