උතුරු හා දකුණු කොරියා අතර වෙඩි හුවමාරුවක්
උතුරු හා දකුණු කොරියා දේශසීමා අතර වෙඩි හුවමාරුවක් සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි. දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ උතු...
https://www.sathhanda.com/2015/08/south-korea-fires-tens-artillery-rounds-north-korea.html?m=0
උතුරු හා දකුණු කොරියා දේශසීමා අතර වෙඩි හුවමාරුවක් සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.
දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ උතුරු කොරියාව අද (19දා) දකුණු කොරියානු හමුදා ඒකකයක් වෙත ෂෙල් ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි. ඒ අනුව, දකුණු කොරියාව එරට බටහිර දේශසීමාවේ සිටින ජනතාවට එම ප්‍රදේශවලින් ඉවත්වන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය ඉල්ලීමක් කර තිබේ.
පළමුව උතුරු කොරියාව විසින් ප්‍රහාර එල්ල කර ඇති අතර එහි ඉලක්කය වී ඇත්තේ උතුරු කොරියානු රජයට එරෙහිව නිවේදන නිකුත් කරන ශබ්ද විකාශන කුලුනකි.

Related