විපක්ෂ නායක ධූරය නිර්ව්‍යාජ අයෙකුට
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය ද ආණ්ඩුවේ අයිතියට යටත් කරගැනීමේ උත්සහයක් ඇතැයි ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංෂික පෙරමුණ පවසනවා. එහි නායක වාසුදේව...
https://www.sathhanda.com/2015/08/sri-lanka-opposition-leader.html?m=0
ආණ්ඩු පක්ෂයටම මුක්කු ගහන කණ්ඩායමක පුද්ගලයෙකු විපක්ෂ නායක ධූරයට පත් කරලා විපක්ෂ නායක ධූරයත් ආණ්ඩුව යටතට ගැනීමට සිදු කරන ක්‍රියාවලියට තමන් විරුද්ධ බවයි හෙතෙම පැවසුවේ.
පාර්ලිමේන්තුව රැස් වූ පසු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අයෙකු විපක්ෂ නායක ධුරයට පත්කර ගැනීම සඳහා උත්සහ දරන බවද වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරනවා. ඒ අනුව කුමාර වෙල්ගම මහතාගේ නම යෝජනා කිරීම සම්බන්ධයෙන් ද අපේක්ෂාවෙන් සිටින බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ්.

Related