විපක්ෂ නායක අරගලය - විමල් වීරවංශ විපක්ෂ නායක කමට යෝජනා
ශ්‍රීලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය සභාග ආණ්ඩුවට සන්ධාන ගත වීම නිසා පාර්ලිමේන්තුවේ මීලග වැදගත්ම තනතුර වන විපක්ෂ නායක ධුරය කට හිමිව...

https://www.sathhanda.com/2015/08/sri-lanka-parliment-opposition-leader.html
දෙමළ සන්ධානය තමන් හට ආසන 16ක් ඇති නිසා විපක්ෂ නායක කම තමනට ලැබිය යුතු බව දන්වා සිටින අතර දෙමළ ජාති වාදී පිරිස්ද විපක්ෂනායක කම සම්බන්ධන්ට ලබා දියයුතු බව තරයේ අවධාරණය කරයි. මේ අතර ව්දෙස් දමිල ප්‍රජාවද විපක්ෂ නායක කම දෙමල සන්ධානයට ලබාගැනීම සඳහා වෙනම මෙහෙයුමක් අරඹා ඇත.
විපක්ෂ නායක කම මහින්දට ලබා නොදීම සඳහා චන්ද්‍රිකාද වෙනම මෙහෙයුමක් අරඹා ඇත. ඇය මෛත්‍රිපාල ජනාධිපති වරයාට දැඩි ලෙස පවසා ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාට විපක්ෂ නායක කම ලබා නොදීමට කටයුතු කරන ලෙසය.
මේ අතර සභාග ආණ්ඩුවට විරුද්ධ මත දරන ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීන් සහ වාමාංශික කොටස් එකතු වී විපක්ෂ නායක කමට මහින්ද රාජපක්ෂ මහතා නම් කිරීවේ යෝජනාවකට අත්සන් තබා ඇති නමුත් මේ වනතුරු මහින්ද රාජපක්ෂ මහතා විසින් විපක්ෂ නායක කම බර ගැනීමට තම කැමැත්ත ප්‍රකාශ කර නොමැත.
මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක කම ගැනීමට අකමැති උවහොත් ඒ සඳහා විමල් වීරවංශ නම් කිරීමේ සැලැස්මක්ද ඇති බව වාර්තා වේ. ඒ සම්බන්ධව වමේ පක්ෂ සාකච්චා කර ඇති බවත් වාර්තා වේ. එය වඩා ප්‍රයෝගික විසදුමක් බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.
සිංහල ජාතික බලවේග දෙමල සන්ධානයට විපක්ෂා නායක කම ලබාදීමට කැමැත්ත ප්‍රකාශ කර නොමැත.
අපි හිතන්නෙ විපක්‍ෂ නායක කමට සුදුස්සා විමල් බවයි.
ReplyDeleteඅපි හිතන්නෙ විපක්‍ෂ නායක කමට සුදුස්සා විමල් බවයි.
ReplyDelete