රවී කොළඹ නගරයේ මැතිවරණ නීති උල්ලංගනය කරමින් භීෂණය වපුරනවා - තිලංග
සාමකාමී සහ සාධාරණ මැතිවරණයක් පවත්වන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා පොරොන්දු වු නමුත් භීෂණයක් කොළඹ නගරයේ ඇති කිරීමට රවී කරුණානායක අමාත්‍ය...
https://www.sathhanda.com/2015/08/thilanga-sumathipala.html?m=0
ඔහු මේ බව සඳහන් කර සිටියේ ඊයේ(01) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.
පසුගිය කාලයේ ඉතාමත්ම හොඳින් පාතාලය නැති කර දැමීමට සන්ධාන රජය ක්‍රියා කළ බවද ඔහු එහිදී සඳහන් කර සිටියේය.
එසේම ඊයේ බ්ලුමැන්ඩල් ප්‍ර දේශයේ සිදුවූ සිදුවීමේදී අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් අමු අමුවේ මැතිවරණ නීති උල්ලංඝණය කර ඇති බවත්, මෙය යහපාලනයද යන්න ප්‍රශ්න සහගත බවත් ඒ මහතා එහිදී කීවේය.
මේ වන විටත් කොළඹ නගරයට භීෂණය පැමිණ ඇති බවත්. එම භීෂණයට එජාප අනුග්‍රහය ලැබෙන බවත් හෙතෙම එම අවස්ථාවේදී පෙන්වා දුන්නේය.
ඊයේ සිද්ධියට අදාළව පුද්ගලයින් 21 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බවත්, එම පුද්ගලයින් නිදහස් කරන ලෙසට පොලීසියට දැනුම්දීම් කරන බවත් සුමතිපාල මහතා සඳහන් කර සිටියේය.


Related