විමල්, දිනේෂ්, වසු, ගම්මන්පිල හා ජනපති මෛත‍්‍රී අතර විශේෂ සාකච්චාවක්
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්‍ෂ නායකයින් සඳහා වූ විශේෂ සාකච්චාවක් හෙට පෙරවරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් හෙට ජන...
https://www.sathhanda.com/2015/08/wimal-weerawansa_46.html?m=0
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්‍ෂ නායකයින් සඳහා වූ විශේෂ සාකච්චාවක් හෙට පෙරවරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් හෙට ජනාධිපති නිල නිවසේදී පැවැත්වෙයි.
ඒ සඳහා ජාතික නිදහස් පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණ, පිවිතුරු හෙළ අරුමය ආදී සන්ධානයේ හවුල්කාර පක්‍ෂ සහභාගී වීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් පල කරමින් මන්ත‍්‍රි විමල් වීරවංශ මහතා කියා සිටියේ හෙට දිනයේ තමන් ඊට සහභාගී වන බවත් ඒ සම්බන්ධයෙන් සමාජ ජාලාවල අසත්‍ය තොරතුරු පලවිය හැකි බවත්ය.
සාකච්චාවේදී සිදුවන සාකච්චාව තම පාර්ශවයෙන් මාධ්‍යට අණාවරණය කරන බවද ඔහු කියා සිටියේය.
lankacnews

Related