යුධ අපරාධ වාර්තාව අද එලිදක්වයි
පසුගිය යුධ සමයේ අවසන් කාල සීමාවේ ශ්‍රී ලංකාවේ සිදුවූ බව කියන මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳ විමර්ශන වාර්තාව අද (16) එළිදැක්වීමට නියමිත...
https://www.sathhanda.com/2015/09/Promoting-reconciliation-accountability-and-human-rights-in-Sri-Lanka.html?m=0
පසුගිය යුධ සමයේ අවසන් කාල සීමාවේ ශ්‍රී ලංකාවේ සිදුවූ බව කියන මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳ විමර්ශන වාර්තාව අද (16) එළිදැක්වීමට නියමිතයි. බොහෝ දුරට මෙය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.00 ට ඉදිරිපත් කරනු ඇති බවත් සඳහන් වේ.
මෙම වාර්තාව ඉකුත් මාර්තු මාසයේදී එළිදැක්වීමට නියමිතව තිබුණා. කෙසේ වෙතත් එය එළිදැක්වීම ප්‍රමාද කෙරුණේ ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමකට අනුවයි.
මානව හිමිකම් කොමිසමේ 30 වෙනි සැසිවාරය අමතමින් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර ඉකුත් දා ප්‍රකාශ කළේ සත්‍ය සෙවීම සඳහා යාන්ත‍්‍රණ දෙකක් සකස් කරන බවයි. සත්‍ය, යුක්තිය ප්‍රතිසන්ධානය සහ හානි පූර්ණය සඳහා වන නව කොමිෂන් සභාව ඉන් එකක් වනවා. දකුණු අප්‍රිකාවේ ආදර්ශ සහිතව එය සකස් කෙරෙනු ඇති.


Related