කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට මහා වැසි - කොළඹ දැඩි මාර්ග තදබදයක්
තද වර්ෂාව ඊට හේතුවෙන් කොළඹ නගරයට ඇතුළුවන සියලු මාර්ගවල වාහන තදබදයක් හට ගෙන තිබේ. බත්තරමුල්ල සහ පාර්ලිමේන්තු මාර්ගයේ සිට බොරැල්ල දෙසට වාහ...
https://www.sathhanda.com/2015/09/colombo-rain.html?m=0
තද වර්ෂාව ඊට හේතුවෙන් කොළඹ නගරයට ඇතුළුවන සියලු මාර්ගවල වාහන තදබදයක් හට ගෙන තිබේ. බත්තරමුල්ල සහ පාර්ලිමේන්තු මාර්ගයේ සිට බොරැල්ල දෙසට වාහන තදබදය දැඩි වී ඇතැයි පොලීසිය පවසා ඇත.
බස්නාහිර පළාතේ සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර වයඹ සහ දකුණු පළාත්වලවත් රත්නපුර දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම දිවයින වටා මුහුදු තීරයේ සුළං ප්‍රවාහයක් වර්ධනය වන අතර ඇතැම් විට සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 ත් 80 ත් දක්වා ඉහළ යා හැකි බවයි කාලගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේරත් කියා ඇත්තේ.


Related