මට ඇමති කමක් දීලා මම දන්නෙත් නැ - දයාසිරි බබා වෙයි
තමන්ට කැබිනට් අමාත්‍ය ධුරයක් හිමිවන බව කලින් දැන නොසිටි බව නව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර බී. බී. සී. යට පවසා තිබේ. “අද දවල් එකොළහමා...
https://www.sathhanda.com/2015/09/dayasiri-jayasekara.html?m=1

“අද දවල් එකොළහමාරට මට කෝල් එකක් දීල කියන කොට තමයි මම දැනගත්තේ මට ඇමති ධුරයක්. මම ඒත් දන්නේ නෑ,” ඔහු කියා සිටියේ නව ඇමති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුවය.
කලක් එක්සත් ජාතික පක්ෂයේ සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ක්‍රියාකලාපය දැඩි විවේචනයට ලක් කළ නව ක්‍රීඩා අමාත්‍යවරයා, පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් වී වයඹ පළාතේ මහ ඇමතිවරයා බවට පත්විය.
නව ආණ්ඩුවේ බහුතර බලය හොබවන එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව කටයුතු කරන්නේ කෙසේ දැයි විමසු විට දයාසිරි ජයසේකර අමාත්‍යවරයා කියා සිටියේ, තමන්ට කිසිවකු සමඟ පෞද්ගලික ගැටලුවක් නොමැති බැවින් භේදයකින් තොරව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි.
එහෙත් පසුගිය දින ඔහු ප්‍රකාශ කලේ කිසි විටෙක ඇමති කම් ගන්නේ නැති බවත් ජනතාව තමන්ට ජන්දය දුන්නේ ඇමතිකම් ගෙන රජයට එකතු වීමට නොවන බවය.
එහෙත් පසුගිය දින ඔහු ප්‍රකාශ කලේ කිසි විටෙක ඇමති කම් ගන්නේ නැති බවත් ජනතාව තමන්ට ජන්දය දුන්නේ ඇමතිකම් ගෙන රජයට එකතු වීමට නොවන බවය.
Post a Comment
Related