ගම්පහින් මළසිරුරු 3කුත් කුරුණෑගලින් මලසිරුරකුත් හමු වෙයි
ගම්පහ - උඩුගම්පොල - ගල්පොත්ත ප්‍රදේශයේ නිවසක තිබී සොයාගත් අඹුසැමි යුවලගේ මළ සිරුරට අමතරව ඔවුන්ගේ දියණිය බවට සැකකරන මළ සිරුරක් නිවස අසල ළ...
https://www.sathhanda.com/2015/09/gampaha-udugampola-3-dead-bodies.html?m=0
ගම්පහ - උඩුගම්පොල - ගල්පොත්ත ප්‍රදේශයේ නිවසක තිබී සොයාගත් අඹුසැමි යුවලගේ මළ සිරුරට අමතරව ඔවුන්ගේ දියණිය බවට සැකකරන මළ සිරුරක් නිවස අසල ළිඳක තිබී ඊයේ සවස සොයා ගෙන තිබෙනවා.
සොයා ගන්නා විට නරක් වී තිබූ මෙම මළ සිරුරු අයත් අඹුසැමි යුවල අවුරුදු 52 ත් 42 ත් වයසේ පසුවන බවටයි තොරතුරු වාර්තා වන්නේ. දියණිය අවුරුදු 4 ක් පමණ වන බවයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත ජයකොඩි සඳහන් කළේ.
කුරුණෑගල මහ රෝහල ආසන්නයේ අපද්‍රව්‍ය බැහැර කරන ස්ථානයක තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ.
පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලද තොරතුරක් මත සිදු කළ සෝදිසියකදී අදාළ මළ සිරුර සොගත් බව පොලිසිය පැවසුවේය.
මියගොස් ඇත්තේ කුරුණෑගල, වෑඋඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි පුද්ගලයෙකු බවට පොලිසිය සිදු කළ මූලික පරික්ෂණවලදී අනාවරණය වී තිබේ.

Related