ඊජිප්තු ජනපති නියෝගයෙන් අල් ජසීරා මාධ්‍යවේදීන්ට නිදහස

ඊජිප්තු අධිකරණයෙන් සිර දඬුවම් ලබා සිටි අල් ජසීරා මාධ්‍ය ආයතනයේ සේවයේ නියුතුව සිටි මාධ්‍යවේදීන් දෙදෙනාට නිදහස ලබා දී ඇතැයි වාර්තා වේ. මොවුන්...

ඊජිප්තු අධිකරණයෙන් සිර දඬුවම් ලබා සිටි අල් ජසීරා මාධ්‍ය ආයතනයේ සේවයේ නියුතුව සිටි මාධ්‍යවේදීන් දෙදෙනාට නිදහස ලබා දී ඇතැයි වාර්තා වේ. මොවුන් මෙසේ නිදහස ලබා ඇත්තේ එරට ජනපති අබ්දුල් ෆටා අල් සිසි විසින් කර ඇති නියෝගයකට බවද එම වාර්තාව සඳහන් කර තිබේ. මොවුන් දෙදෙනා සහ ඔස්ට්‍රේලියානු ජාතික පීටර් ගේ‍රස්ටේ ද අත්අඩංගුවේ පසු වුවද අධිකරණ ක්‍රියාවලිය අවසන් වීමට ප්‍රථම ඔහු ඔස්ට්‍රේලියාවට යවා ඇත. පසුගිය බදාදා දින නිදහස ලැබූ අය වනුයේ කැනේඩියානු ජාතික මොහොමඩ් ෆාහාමි සහ එරට පුරවැසියකු වන බාහර් මොහොමඩ්ය.

එරට රාජ්‍ය මාධ්‍ය ප්‍රකාශ කර ඇත්තේ මෙසේ සිර කඳවුරෙන් නිදහස ලැබූ දෙදෙනාට අමතරව තවත් අයකුට මෙසේ නිදහස ලබාදෙන ලෙස නියෝග කර තිබෙන බවය. එහි එසේ සඳහන් වුවද ඔහු ඔස්ට්‍රේලියානු ජාතිකයාද යන්න පැහැදිලි කර නොමැත. එහෙත් මාධ්‍ය සැක පහළකර ඇත්තේ ඔහු ගේ‍රස්ටේ විය හැකි බවය.

මොවුන් වසර 2013 දී බලයෙන් පහ කෙරුනු ජනාධිපති මොහොමඩ් මෝර්සි හට සහාය පළ කරමින් තිබූ වාර්තා යොදාගනිමින් අසත්‍ය තොරතුරු ප්‍රකාශයට පත්කිරීමේ චෝදනා ඉදිරිපත් වී තිබුණද ඔවුන් එම චෝදනා තරයේ ප්‍රතික්‍ෂේප කර ඇත. දෙවන චෝදනාව ලෙස අධිකරණයට ඉදිරිපත් කර තිබි ඇත්තේ ඔවුන් මෝර්සිගේ නායකත්වයෙන් පිහිටුවා ඇති දැනට තහනමට ලක්ව ඇති මුස්ලිම් සහෝදරත්ව සංවිධානයට සහාය ලබා දීම.

මෙම චෝදනාවලට මොවුන් දෙදෙනා සහ ඔස්ට්‍රේලියානු ජාතිකයාට වසර තුනක සිර දඬුවම් අධිකරණය නියම කරනු ලැබුයේ පසුගිය මසදීය. මෙහිදී මොවුන් වරදවල් පිළිගෙන නොමැති අතර ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් පෙන්වා දී ඇත්තේ මෙම චෝදනා වැරදි සහගත ඒවා බවත්, මෙම ක්‍රියාදාමය දේශපාලන පළිගැනීම් මත ඉදිරිපත් කර ඇති චෝදනා බව පැහැදිලිව ඔප්පු වූ බවය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විදෙස් 2007483495985431346

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item