කථානායකගෙන් සන්ධාන මන්ත්‍රීවරුන් පිරිසකට කැඳවීමක්
එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත්‍රීවරුන් පිරිසක් අද (21) කථානායකවරයා සහ නියෝජ්‍ය කථානායකවරයා මුණ ගැසීමට නියමිතය. දැනට විපක්ෂයේ අසුන...
https://www.sathhanda.com/2015/09/karu-jayasuriya_21.html?m=0
එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත්‍රීවරුන් පිරිසක් අද (21) කථානායකවරයා සහ නියෝජ්‍ය කථානායකවරයා මුණ ගැසීමට නියමිතය.
දැනට විපක්ෂයේ අසුන් ගැනීම සඳහා කැමැත්ත පළ කර තිබෙන සන්ධාන මන්ත්‍රීවරුන් පිරිසක් මෙලෙස සාකච්ඡා සඳහා එක් වනු ඇති බව වාර්තා වේ.
එම මන්ත්‍රීවරුන් පිරිස විපක්ෂයේ අසුන් ගැනීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කර ඇත.
කෙසේ වෙතත් කථානායකවරයා විසින් සිදු කළ දැනුම්දීමකට අනුව තමන්ද මෙම සාකච්ඡාව සඳහා සහභාගී වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පැවසී ය.
මෙම සාකච්ඡාව පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වීමට නියමිතය.

Related