ආරක්ෂාවට හෙණ කොටන ලංකා ඊයා නිවුස් වෙබි අඩව්ව
තාක්ෂණය සමග දිවෙන මිනිසාගේ, තොරතුරු දැන ගැනීමෙි ප්‍රධාන මාධ්‍යවනුයේ අන්තර්ජාලය බව ඔබ අප කවුරුත් දන්නා කරුණකි. ඒ අතර පුවත් වෙබි අඩවි භාවිතය ...
https://www.sathhanda.com/2015/09/lankaenews-sandaruwan-senadheera.html?m=1

එසේනමි මෙහිදි විමසීමට හේතු පාදක වු කරුණ වුයේ දිගෙන් දිගටම ප්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ අතුරුදහන් වීම අලළා මහ ඉහලින් කතා කරනු ලබන ලංකා ඊයා නිවුස් වෙබි අඩවිය සමිබන්ධයෙනි. මෙම වෙබි අඩවියේ කර්තෘ කවිරුන්දැයි යන්න සමිබන්ධයෙන් කතා කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැත. මන්ද අප කිසිවෙකු කිසිදු බලවෙිගයකට පක්ෂව කටයුතු නොකරන ජනතාවක් නිසාවෙන් හා කිසිදු පුද්ගලයෙකුට මඩ ගැසීමෙි අරමුණක් නොමැති බැවින්ය. නමුත් ඔිනෑම තරාතිරමක බලයක පහස විදින වෙබි අඩවියක් සමාජය තුල වැරදි මතයක් ගොඩ නැගීමට උත්සාහ දරන්නේනමි ඔවුන්ට එරෙහි වීම හා ප්‍රතික්ෂේප කිරීම මහජනතාව වශයෙන් අපගේ පාර්ශවයෙන් සිදුකිරීමට කිසිවිටකත් පසුබට නොවෙන බව දන්නෙමු. පසුගිය වසර කිහිපයක සිටම අපගේ රට රකින වීර රණවිරුවන් පිළිබදව විවෙිචනාත්මක ලෙස පුවත් පල කිරීමට චොදනාලත් එකී වෙබි අඩවිය කටයුතු කර ඇති බව එම වෙබි අඩවියේ දීර්ඝකාලීන පඨකයින් ලෙස කණගාටුවෙන් යුතුව කිව යුතුය.
ශ්‍රී ලංකාව නිදහස් රටක් ලෙස හුස්ම ගත හැකි වු දිනයේදී පවා මොවුන්ගේ යතුරු පුවරුවෙි අකුරු වැරදුනේ නැත. රණවිරුවන් පුජා කල එකදු ජිවිතයක් ගැන කිසිදු ලිපියක් පල කර තිබුනේ නැත. ඒ පිළිබදව සිතන කල්හී අපට දැඩි කළකිරීමක් ඇත. මහත් භක්තියෙන් යුතුව අසධාරණයට එරෙහිව පෙනි සිටින වෙබි අඩවියක් ලෙස හුවා දක්වමින්, තම සුකවිහරණය පිළිබදව පමණක් හිතන්නන් බවට පත් වී ඇති බව මෙම වෙබි අඩවිය යාවජීව මහතුන් හට ඉතා කණගාටුවෙන් යුතුව දන්වා සිටිය යුතුව ඇත.
ලංකා ඊයා නිවුස් වෙබි අඩවිය, මහජනතාව වන අපහට ඇති එකදු ගැටළුවක් සබැදිව කතා කර තිඛෙිද? අපට පෙන්වා දීමට අවශ්‍ය එයයි. මහජනතාව වෙනුවෙන් කැපවු මාධ්‍යවෙිදීන් ඇතැයි ලෙස සැළකෙන වෙබි අඩවියක් තුල මහජන අපහසුතා සහ ඔවුන්ගේ දැවෙන ප්‍රශ්ණ පිළිබදව සමාජය වෙත ගෙන යාමට නොහැකි හේතුව ඉතා කරුණාවෙන් යුතුව විමසිය යුතුය. මෙහිදි අපට ඇති එකම කලකිරීම වනුයේ ජාතික ආරක්ෂාවෙි ප්‍රාණ නාලය බදු බුද්ධි අංශය විවෙිචනය කරමින් එහි සිටි නිලධාරීන්ගේ නමි කිසිදු විලිහැලියක් නොමැතිව ඔවුන් පුවත් වෙබි අඩවිය තුල ප්‍රසිද්ධ කර තිබිම සමිබන්ධයෙනි. කෙසේ නමුත් අපට අප උපන් මවි බිම මහ මෙරක් බදුය, ලැබු නිදහස අපට මෙන්ම අපේ දරුවන්ට විදිමටද ඉතිරි විය යුතුය. ලාබ ප්‍රයෝජන ඉව කරමින් මෙි රටෙි අනාගත ආරක්ෂාවට බලපෑමි වන ආකාරයේ ව්‍යාජ මත සමාජ ගත කිරීමට දරණු ලබන උත්සහයේ අවසන් ප්‍රථිපලය කුමක්දැයි දැන් දැන් අපට සිතා ගත හැක. තීරණය අප අතේය. එනමි ජනතාවක් ලෙස අප විදින නිදහසේ සුවය නැති කරමින් ආරක්ෂක අංශය පාවා දෙමින් කැලෑ පත්තර ලියන ආකාරයේ වැනි බාල තත්වයේ භාෂා විලාසයක් යොදා ගනිමින් සිදු කරනු ලබන මෙම නිවට ක්‍රියා අප තරයේ හෙළා දැකිය යුතු යැයි මෙිවන විට හොද හැටි අවබෝධ වි ඇත.
-arroo-
Post a Comment
Related