ගුවන් තොටුපළ වී ගබඩාවක් වෙනවා නම් ජාතික ආණ්ඩුවෙන් ඉවත් වෙනවා - අමරවීර දෙපැත්තම තියාගන්න හදයි
මත්තල ගුවන්තොටුපළ, හම්බන්තොට වරාය, අධිවේගී මාර්ගය ඉදිකිරීම ආදී සංවර්ධන ව්‍යාපෘති නතර කර මත්තල ගුවන් තොටුපළ වී ගබඩාවක් ලෙස පවත්වාගෙන යැමට...
https://www.sathhanda.com/2015/09/mahinda-amaraweera.html?m=0
මත්තල ගුවන්තොටුපළ, හම්බන්තොට වරාය, අධිවේගී මාර්ගය ඉදිකිරීම ආදී සංවර්ධන ව්‍යාපෘති නතර කර මත්තල ගුවන් තොටුපළ වී ගබඩාවක් ලෙස පවත්වාගෙන යැමට කටයුතු කරනවා නම් තමන් ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන බව ධීවර හා ජලජ සම්පත් ඇමැති මහින්ද අමරවීර පැවසීය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ආරම්භ කළා කියා දේශපාලන හේතූන් මත මේ සංවර්ධන කටයුතු නතර නොකළ යුතු බවත්, රටේ අනාගතය වෙනුවෙන් ඒ සියලු සංවර්ධන ව්‍යාපෘති එලෙසම ක්‍රියාත්මක කළයුතු බවත් ඔහු පැවසීය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිදුකෙරෙන ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති නතර කර මත්තල ගුවන් තොටුපළ වී ගබඩාවක් ලෙස දිගට පවත්වාගෙන යැමට කටයුතු කරන්නේ නම් මේ ජාතික ආණ්ඩුවේ ඇමැති තනතුරු දැරීමෙන් තේරුමක් නැතැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.
එහෙත් හාස්‍යට කරුණ නම් මත්තලට වී තොග ගෙන ඇවිත් ගබඩා කරනකන්ම අමරවීර මුක පියා සිටි අතර එයට හේතු වුයේ ඒ දිනවල ඇමති කම් බෙදා දීමයි. ඇමතිකම ගෙන ඊනියා ජාතික ආණ්ඩුවට කත අදින ගමන් තමන්ගෙන් ගිලිහී යන ශ්‍රීලනිප චන්ද දායකයා රැවටීම උදෙසා මෙසේ ව්‍යාජව මත්තල වෙනුවෙන් පෙනී සිටියි. මෙවන් දෙපිට කට්ටුවන්ගෙන් ආණ්ඩුව සහ විපක්ෂය යන දෙකම අවදියෙන් සිටිය යුතුය.

Related