ෂෙයික් අබ්දුල්ලා හදිසියේ එයි - ජනපති, අගමැති, මංගල හමුවී පැය කිහිපයකින් යයි
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍ය ෂෙයික් අබ්දුල්ලා බින් අල් නායන් දිවයිනට පැමිණ තිබේ. අද පස්වරු 03.25 ට පමණ එක්සත් අරාබි...
https://www.sathhanda.com/2015/09/sheikh-abdullah-al-nahyan-visitis-sri-lanka.html?m=0
අද පස්වරු 03.25 ට පමණ එක්සත් අරාබි එමීර් රාජ්‍යට අයත් විශේෂ ගුවන් යානයකින් එරට විදේශ කටයුතු ඇමතිවරයා ඇතුළු 15 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිස කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණි බව වාර්තා වේ.
දිවයිනට පැමිණි ෂෙයික් අබ්දුල්ලා බින් අල් නායන් ඇතුළු පිරිස අද රාත්‍රීයේම දිවයිනෙන් පිටත්වයාමට නියමිතය.
ඒ අනුව ඔහු අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර හමුවීමට සැළසුම් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.


Related