මේ ආණ්ඩුව ජාත්‍යන්තරයට එකක් කියන ගමන් ලංකාවට තව එකක් කියනවා - ගම්මන්පිල
මෙම ආණ්ඩුව ජාත්‍යන්තරයට එකක්ද, ලංකාවට තව එකක්ද කියමින් සිටින බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසයි. ඊයේ ජිනීවාහි ආරම්භ වූ ජ...

https://www.sathhanda.com/2015/09/udaya-prabhath-gammanpila_15.html
මෙම ආණ්ඩුව ජාත්‍යන්තරයට එකක්ද, ලංකාවට තව එකක්ද කියමින් සිටින බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසයි.
ඊයේ ජිනීවාහි ආරම්භ වූ ජගත් මානව හිමිකම් සමුළුවේ මානව හිමිකම් කොමසාරිස්වරයා විසින් හා අපගේ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර විසින් සිදුකරන ලද ප්‍රකාශවල අවදානමක් ගැබ්වන බවත් මංගල සමරවීර අමාත්‍යවරයා මෙරට දෙමළ ජාතීන්ගේ ප්‍රශ්නය විසඳීමට නව ව්‍යවස්ථාවක් ගෙන එන බව ජිනීවාහිදී ප්‍රකාශ කළ බවත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හෝ එවැනි ප්‍රකාශයක් මෙරටදී සිදුකර නොමැති බව ගම්මන්පිල කියා සිටියේ අද (15) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.
එබැවින් මංගල සමරවීර විදෙස් සංචාරය නිමවා ලංකාවට පැමිණි විගස විසඳීමට පවත්නා දෙමළ ජාතීන්ගේ ප්‍රශ්නය කුමක්ද යන්න හා අලුත් ව්‍යවස්ථාවක් තුළින් එය විසඳන්නේ කෙසේද යන්න පැහැදිලි කළ යුතුව ඇති බව ගම්මන්පිල සඳහන් කරයි.
එමෙන්ම රණ විරුවන් දංගෙඩියට ගෙන යා හැකි අන්දමේ නිර්දේශ ලංකාවේ මානව හිමිකම් වලට අදාළ වාර්තා වේ ඇත්නම් ඊට එරෙහිව 'වගකීමෙන් නිදහස් කරලීමේ පනතක්"ගෙන එන බවත්, එවැනි පනත් ලංකා ඉතිහාසයේ ඇතැම් අවස්ථාවල ගෙනවිත් ඇති බවත් හෙතෙම අවධාරණය කළේය.
ඉන්දියාව සමග අත්සන් කිරීමට යෝජිත සීපා ගිවිසුම ගැනද ආණ්ඩුවේ අමාත්‍යවරුන් එකිනෙකට ප්‍රතිවිරුද්ධ මත පලකරන බවත්, එවැනි ගිවිසුමක් අත්සන් කළ හැකි බව නි.විදේශ අමාත්‍ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කරන විට, මෙවර එවැන්නක් අත්සන් කිරීමක් හෝ ඒ පිළිබඳ සාකච්ඡාවක් නොවනු ඇති බව මලික් සමරවික්‍රම අමාත්‍යවරයා පවසා සිටින බව ගම්මන්පිල පෙන්වා දුන්නේය.
Related