තජුදීන් 18 යලි මිහිදන් වේ
රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ මෘත ශරීරය ලබන දහඅට වන දින නැවත මිහිදන් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් ඊයේ (15) රහස්...
https://www.sathhanda.com/2015/09/waseem-thajudeen_16.html?m=0
රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ මෘත ශරීරය ලබන දහඅට වන දින නැවත මිහිදන් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් ඊයේ (15) රහස් පොලිසියට අවසර ලබා දුන්නා. මෘත ශරීරයට සම්බන්ධ විමර්ශන නිමවී ඇති නිසා නැවත මිහිදන් කිරීමට අවසර දෙන ලෙසට රහස් පොලිසිය කළ ඉල්ලීමකට අනුව මෙම නියෝගය නිකුත් කෙරුණා.
වසීම් තාජුඩීන්ගේ වැඩිමහල් සොහොයුරිය වන ෆාතිමා අයේෂා තාජුඩීන් වෙත මෘත ශරීරය බාර දීමට අධිකරණය නියම කළ අතර ඊට අවශ්‍ය පහසුකම් සපයන ලෙස මොහොමඩින් ජුම්මා මුස්ලිම් පල්ලියේ පාලන කමිටුවේ සභාපතිවරයා වෙත මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවා.

Related