ඔප්පුව මෛත්රී මහත්තයා අතේ, භූක්තිය අපේ අතේ
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අයිතිය පිළිබඳ ගැටලුව ඉඩම් ආරවුලකට සමාන බව පාර්ලිමේන්තු මන්ත්රී වාසුදේව නානායක්කාරපවසයි. ඉඩම් ආරවුල්වලද...
https://www.sathhanda.com/2015/09/wasudewa-nanayakkara-speaks-about-upfa.html?m=0
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අයිතිය පිළිබඳ ගැටලුව ඉඩම් ආරවුලකට සමාන බව පාර්ලිමේන්තු මන්ත්රී වාසුදේව නානායක්කාරපවසයි.
ඉඩම් ආරවුල්වලදී මෙන් සන්ධානයේ ඔප්පුව මෛත්රීපාල සිරිසේන මහතා අත පැවතියද එහි භුක්තිය තිබෙන්නේ තමා ඇතුළු පිරිස අත බව ඔහු සඳහන් කළේය. ඉතාමත් ඉක්මනින් එම භුක්තිය අයිතිය බවට පත් කරගන්නා බවත්, ඒ වෙනුවෙන් ගමන් කරන බවද හෙතෙම පැවසීය.
“ඉඩම් ආරවුලක් වගේ සන්ධානයේ ඔප්පුව මෛත්රී මහත්තයා අතේ, භූක්තිය අපේ අතේ. ඒ භුක්තිය අයිතිය බවට පෙරළා ගන්න ඉදිරි දිනයක් දක්වා අපි ගමන් කරනවා” යැයි මන්ත්රීවරයා පැවසීය.


Related