බස්‌නාහිර ආණ්‌ඩු පක්‍ෂ ප්‍රධාන සංවිධායක ධුරයට තරගයක්
බස්‌නාහිර පළාත් සභාවේ පුරප්පාඩු පවතින ආණ්‌ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය ලබාගැනීම සඳහා එක්‌සත් ජනතා නිදහස් සන්ධානයේ ජ්‍යෙෂ්ඨයන් සහ නවකයන...
https://www.sathhanda.com/2015/09/western-province-sri-lanka_21.html?m=0
බස්‌නාහිර පළාත් සභාවේ පුරප්පාඩු පවතින ආණ්‌ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය ලබාගැනීම සඳහා එක්‌සත් ජනතා නිදහස් සන්ධානයේ ජ්‍යෙෂ්ඨයන් සහ නවකයන් උත්සාහ දරමින් සිටින බව වාර්තා වේ.
පළාත් සභාවේ ආණ්‌ඩුපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළ සිසිර ජයකොඩි මහතා මෙවර පාර්ලිමේන්තුවට පත්වීම නිසා මෙම පුරප්පාඩුව ඇති වී තිබේ.
බස්‌නාහිර පළාත් සභාවට තේරී පත්වූ නව මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා සහ ඇමැති මණ්‌ඩලය හෙට (22 වැනිදා) පැවැත්වෙන පළාත් සභා මාසික රැස්‌වීමට සහභාගිවීමට නියමිත අතර එහිදී ප්‍රධාන සංවිධායක ලෙස කෙනෙකු පත්කර ගනු ඇතැයිද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.

Related