විවාහක රූ රැජන වෙන්න මගේ අදහසක් තියෙනවා - සුමුදු ප්‍ර‍සාදිනි

නිරූපිකාවක් ලෙස සිය වෘත්තීය ගමන අරඹා පසුව ශ්‍රී ලාංකේය රූ රැජින ලෙස කිරුළ පැළඳු ඇය ඉන් පසු නිවේදිකාවක් සහ රංගන ශිල්පිනියක් ලෙස කලා ලොවට...


නිරූපිකාවක් ලෙස සිය වෘත්තීය ගමන අරඹා පසුව ශ්‍රී ලාංකේය රූ රැජින ලෙස කිරුළ පැළඳු ඇය ඉන් පසු නිවේදිකාවක් සහ රංගන ශිල්පිනියක් ලෙස කලා ලොවට පිවිසෙන්නීය.කෙටි කලෙකින් නිරූපිකාවක නිවේදිකාවක සහ රංගන ශිල්පිනියක ලෙස කාගෙත් ආදරය, ආකර්ෂණය දිනා ගන්නට සමත් වූ ඇය ඔබ හොදින් හඳුනන සුමුදු ප්‍ර‍සාදිනි ය.

කෙහොමද සුමුදු ජිවිතේ?

මේ දවස් වල වැඩ කිහිපයකුත් එක්ක ටිකක් විතර කාර්යබහුලයි. නමුත් ඒ හැරුණම ගොඩක් සතුටින් මගේ කාලය ගත වෙනවා.

නිරූපණයෙන් සහ නිවේදනයෙන් නිතර පෙනුණාට රංගනයෙන් ඔබ මෑතක දකින්න ලැබුණේ නැහැ?

මම කොහොමත් වැඩ ගොඩක් බදා ගෙන කරන කෙනෙක් නෙමෙයි. මගේ පවුලට සහ නිදහසටයි මං මුල් තැන දීලා තියෙන්නේ. ඉඳලා හිටලා මට ගැළපෙන නිර්මාණයකට දෙකකට වගේ හෝ චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න කැමැතියි. නමුත් ඒ ලැබෙන ආරාධනා මගේ ජිවන රටාවට ගැළපෙන විදිහේ චරිත විය යුතුයි.

මම මිස් ශ්‍රී ලංකා වෙලා මිස් වර්ල්ඩ් පවා ගියා. නමුත් මට ඉගෙන ගන්න තව ගොඩාක් දේවල් තියෙනවා. අපි හරියට දෙයක් ඉගෙන ගත්තොත් තමයි අපිට ඒ දේ හරියටම දෙන්න පුළුවන් වෙන්නේ. අනික මම ඉගෙන ගත් ගුරුවරු තවම මේ ක්ෂේත්‍රයේ ඔවුන්ගේ ගුරුහරුකම් ලබා දෙනවා. ඉතින් එහෙම තියෙද්දි මමත් අලුතෙන් එවැනි දේවල් ආරම්භ කරන්න අවශ්‍ය නැහැ.

නමුත් මේ වන තෙක් ලෝක මට්ටමේ ජයග්‍රහණයක් අත් කර දෙන්න නම් කවුරුත් සමත් වෙලා නැහැ?

එයට හේතුවක් තියෙනවා. ගොඩක් අය ජාත්‍යන්තරය හා සසඳලා කියන්නේ අපෝ ලංකාවේ ලස්සන අය නැහැ කියලයි. නමුත් ඒ කතාව බොරුවක්මෙහෙ අය ඇත්තටම ලස්සනයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඔවුන්ට මෙවැනි තරග සඳහා සහභාගි වීමේදී ලැබිය යුතු පුහුණුව නි‍වැරැදි මග පෙන්වීමක් සහ සහයෝගයක් ලැබෙන්නේ නැහැ. වෙන රටවල් වල ඒ වගේ පැජෙන්ට් එකකට සහභාගි වෙන අයට රජයෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. නමුත් අපේ රටේ එවැනි සහයක් ලැබෙන්නේ නැහැ. ස්පොන්සස් ලා පවා හොයා ගන්න හරිම අමාරුයි. පැජන්ට් එකක් දිනුවට පස්සෙත් එතනින් ඒ ළමයාව අත අරිනවා. ඉතින් එතැන ඉඳලා ඔවුන් තනියම ගොඩ නැඟිය යුතුයි.. හැබැයි දැන් නම් ටිකක් තත්ත්වය වෙනස්. දැන් සහභාගි වෙන අයට හොඳ ට්‍රේනිං එකක් ලැබෙනවා. ඒ නිසා ඉදිරියේදී අපිටත් හොඳ තැනක් ලැබේවී.

විවාහක රූ රැජින කිරුළට හිමි කම් කියන්න සුමුදුට අදහසක් නැද්ද?

අප්පේ ඇයි නැත්තේ....අදහසක් තියෙනවා. ගොඩක් ආසාවෙන් ඉන්නේ. හැබැයි බබාලා දෙන්නෙකුත් හදාගෙනම ඒකට යනවා.

ඉතින් ඇයි ඒකට තවත් පමා වෙන්නේ?

අනේ ඒක තමා.. ඉන්නකෝ ළඟදීම නිවුස් එකක් ලැබෙයි.

විවාහය ඔබේ ජනප්‍රියත්වයටත් බාධාවක් වුණාද?

කොහෙත්ම නැහැ. මගේ ඔළුවට එහෙම අදහසක් නම් මෙතෙක් ඇවිල්ලම නැහැ. මැරි කරන්න කලිනුත් මගේ හස්බන්ඩ්ව මම හැමෝටම හඳුන්වලා දුන්නා. මට විවාහ වෙන්න කෙනෙක් ඉන්නවා කියලා කොහේදීවත් මං හැංගුවේ නැහැ. ඉතින් ඒහෙම කියලා මගේ ජනප්‍රියත්තවය අඩු වුණේත් නැහැ. මට ඇත්තටම ආදරය කරන පිරිස හැමදාම මා ළගින් ඉඳියි.

නිරූපණ ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න නම් තමාට තමන්වම අමතක කරන්න වෙනවා කියලයි අපි අහලා තියෙන්නේ?

මං නම් මාව අමතක නොකරපු නිසා වෙන්න ඇති අදටත් මෙහෙම සතුටින් සහ හොදින් ජිවත් වෙන්නේ. අනික මං එහෙම වෙනස් වෙන්න කැමැතිත් නැහැ. මට ලැබුණෙත් මටම ගැළපෙන සැමියෙක් ඒ නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි නිදහසේ ඉන්නවා.

රැකියාව නිසා ඔබ දෙදෙනා අතර ගැටලු ඇති වුණු අවස්ථා තිබෙනවාද?

ආගියුමන්ට්ස් ඇති වෙලා තියෙනවා. නමුත් මට නොතේරෙන ගොඩක් දේවල් මට තේරුම් කරලා දෙන්නේ මිතිලයි. ඔහුගෙන් මට ලැබෙන රැකවරණය නිමක් නැහැ. ඇත්තටම මාව බබෙක් වගේ තමයි මිතිල බලා ගන්නේ. එයාම වෙලාවකට කියනවා මාව මෙහෙම බබෙක් වගේ බලාගන්න ගිහින් සමහර වෙලාවට එයාටම අමතක වෙනවාලු ‘මම එයාගේ වයිෆ් නේ‘ කියලා

පවුල වෙනුවෙන් දිනෙක මේ ක්ෂේත්‍රයෙන් ඉවත් වෙන්න වුණොත්?

මට ලොකු දුකක් දැනෙන එකක් නැහැ. ගොඩක් අය ප්‍රසිද්ධිය සහ සල්ලි තිබිලා නැති වුණහම දුක් වෙනවා. නමුත් මං ඒ දෙකම පන්නපු නැති නිසා ඕන වෙලාවක ඕන දෙයක් භාර ගන්න පුළුවන්. මගේ ටාර්ගට් එක වුණේ මිස් වර්ල්ඩ් යන එකයි.

විවාහයෙන් පස්සේ ලස්සන අඩු වෙනවා කිව්වට සුමුදුට නම් ඒ කතාව හැබෑවක් නෙමෙයි වගේ?

විවාහයෙන් පස්සේ මමත් ටිකක් විතර මහත් වුණා. නමුත් දැන් එහෙම නැහැ. ෆොටෝස් වලට සහ ටී.වි එකේ මං ටිකක් මහතයි වගේ පෙනුණට ඇත්තටම මහත නැහැ. මාව හැබැහින් දකින අය නම් කියන්නේ මැරි කළාට පස්සේ ගොඩක් ලස්සන වෙලා කියලයි.

කියන්කෝ ඉතින් අපිටත් ඒ රහස?

අනේ ලස්සන වෙන්න කියලා නම් ම විශේෂ දෙයක් කරන්නේ නැහැ. හැමදාම උදේට කොළ කැඳ බොනවා. මුණේ ගෑවත් ගාන්නේ සුදු හදුන් සහ මි පැණි විතරයි.

ටානියා මෝසස්



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

තරුකැට 4872303627455270995

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item