බුද්ධි අංශයේත් අවධානය යොමු වූ ශිෂ්‍යාවන් 11 දෙනකු හැට්‌ට කට්‌ටෙන් එකම විදියට ලේ එනතුරු තුවාල කරගැනීම
කහටගස්‌දිගිලිය රත්මල්ගහවැව ප්‍රදේශයේ විදුහලක අධ්‍යාපනය ලබන සිසුවියන් එකොළොස් දෙදෙනකු පෙරේදා (15 දා) පාසල් වේලාවේදී හැට්‌ට කටුවකින් සිය වම්...

https://www.sathhanda.com/2015/10/kahatagasdigiliya-school-girls.html

එකොළහ ශේ්‍රණියේ ඉගෙනුම ලබන සිසුවියන් පිරිසක් මෙලෙස එකම ආකාරයට අත් සූරාගෙන ඇති අතර, ඒ අනුව ඊට බලපෑ කාරණය හෙළි කර ගැනීමට එම නිලධාරීන් පරීක්‍ෂණයක් සිදු කර ඇත.
අනාවරණය වී ඇති තොරතුරු අනුව මැදවච්චිය නගරයේ පෞද්ගලික උපකාරක පන්තියකට සහභාගි වන ප්‍රේම සම්බන්ධතාවක් පරාජිත වූ එම විදුහලේ ඉගෙනුම ලබන සිසුවියක් මුලින් මෙම ක්‍රියාවට මුල්වි ඇති බව ප්‍රකාශ වේ.
ඇය සිය වම් අතෙහි ප්‍රේම පුරාණය සිහිවීමට හැට්‌ට කටුවකින් සූරා ප්‍රේමයේ මතක සටහනක් තබාගෙන ඇති බවත්, ඒ අනුව අනෙකුත් සිසුවියන්ද එම ශිෂ්‍යයාව අනුකරණය කරමින් සිය වම් අත් ලේ ගලනතුරු හැට්‌ට කටුවකින් සූරාගෙන ඇති බවත් අනාවරණය වී තිබේ.
මේ අතර මේ පිළිබඳ තොරතුරු දැනගත් වහාම එම විදුහලේ විදුහල්පතිවරයා සිද්ධියට සම්බන්ධ සිසුවියන් කැඳවා ඔවුනට තරයේ අවවාද කර ඇත.
Related