පාසැල් සිසුවා හිරේ දැමුවාට වැඩ වරදීද ?

කොටදෙණියාවේ පස්හැවිරිදි දැරියක වූ සේයා සදෙව්මි අමානුෂික ලෙස අපයෝජනයට ලක් කර ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ පදිංචි 17 හැවිරි...

කොටදෙණියාවේ පස්හැවිරිදි දැරියක වූ සේයා සදෙව්මි අමානුෂික ලෙස අපයෝජනයට ලක් කර ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි පාසල් සිසුවා සහ එක්දරු පියා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි ඔවුන්ට විරුද්ධව තිබුණේද යන්න වහාම ඔප්පු කරන ලෙස පොලිස්පතිවරයාගේ නියෝගයෙන් කොටදෙනියාව පොලිසියට දැනුම් දී තිබේ.

මෙම දෙදෙනා අත්අඩංගුවට ගෙන පහරදී, නිරුවත් කර ඡායාරූප ගැනීම වැනි වදහිංසාවලට ලක් කිරීම පිළිබඳව ද පොලිස්පතිවරයා තවදුරටත් ප්‍රශ්න කර ඇත.

මෙම අපරාධය සම්බන්ධයෙන් පෙරේදා (03) අත්අඩංගුවට ගත් සැකකාර කොණ්ඩයාගේ සොහොයුරා ඇතුළු පුද්ගලයන් 25 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඔවුන් කිසිවකුත් අත්අඩංගුවට නොගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත නොකර නිදහස් කර හැර යවා තිබියදී මෙම 17 හැවිරිදි සිසුවා සහ අනෙක් පුද්ගලයා පමණක් මේ ආකාරයෙන් පහර දී රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට තරම් හේතුවූ සියලු කරුණු මෙහිදී වහාම ඉදිරිපත් කරන ලෙසද ඔවුන් අත්අඩංගුවට ගත් කොටදෙණියාව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමට මෙසේ නියෝග ලැබී ඇත.

පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතාගේ එම නියෝගය බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර මහතා විසින් ඒ සම්බන්ධව පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායමේ නායක බස්නාහිර පළාත් උතුරු ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති එල්. ජී. කුලරත්න මහතා හරහා කොටදෙණියාව පොලිසියට ලැබී තිබේ.

ඉදිරි දින දෙක තුළ මේ සම්බන්ධව වහාම පිළිතුරු සපයා එහි වාර්තාව 07 වනදා වනවිට පොලිස්පතිවරයාට ලැබීමට සලස්වන ලෙසද පොලිස්පතිවරයා විසින් ලබාදෙන ලද නියෝගයේ තවදුරටත් සඳහන් වෙයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6933969297690310715

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item