කෝවීලේ පූජාවත් තහනම්, ගියොත් මරණවලු. මුසල්මානු අන්තවාදීන්ට නීතිය ක්‍රියාත්මක කරන්න – හින්දු සම්මේලනය
දරුණු ඉස්ලාම් අන්තවාදී තර්ජණ නිසා කොටහේන බාබර් වීදියේ හින්දු කොවිලේ ආගමික කටයුතු නතර කිරීමට සිදුව ඇති බව ශ්‍රී ලංකා හින්දු සම්මේලනයේ සභාපති...
https://www.sathhanda.com/2015/10/kotahena-muththumari-amman-incident.html
දරුණු ඉස්ලාම් අන්තවාදී තර්ජණ නිසා කොටහේන බාබර් වීදියේ හින්දු කොවිලේ ආගමික කටයුතු නතර කිරීමට සිදුව ඇති බව ශ්‍රී ලංකා හින්දු සම්මේලනයේ සභාපති එන් අරූන් කාන්තන් පවසනවා. කොටහේනේ ඉස්ලාම් ආගමික කටයුතු හැර අනෙකුත් ආගමික කටයුතු නිදහසේ කරගෙන යෑමට නොහැකි වටපිටාවක් නිර්මාණය වී ඇති බව ඔහු පවසනවා. ජාතිවාදය වපුරන ඉස්ලාමීය අන්තවාදීන් පාලනය කිරීමට මනෝ ගනේෂන් ඇමති වරයා මුළුමනින්ම අසමත් වී ඇති බවට ඔහු චෝදනා කරනවා.
ලංකාවේ ඉස්ලාම් අන්තවාදීන් 6ක් අයි.එස් ත්‍රස්තවාදීන් හා සම්බන්ධ බවට මේ වන විටත් හෙළි වී ඇති බවත් මෙම අන්තවාදී මත දරන්නන්ට රට තුල නිදහසේ වැඩෙන්නට ඉඩ හැරීමෙන් ඉදිරියේ දී ත්‍රස්තවාදී ක්‍රියා ඇති විය හැකි බවද ඒ මහතා රජයට අණතුරු අගවනවා. හින්දු සහ බෞද්ධ ජනතාවට එරෙහිව ක්‍රියාත්මක මෙම දරුණු අන්තවාදීන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙසද ශ්‍රී ලංකා හින්දු සම්මේලනය වෙනුවෙන් ඔහු රජයෙන් ඉල්ලා සිටිනවා.


ශා .. එහෙම කියන්න එපා. සහජීවනෙට හානි වෙයි !
ReplyDelete