බලධරයිනි "මුතුමාල"ට එරෙහි පරීක්ෂණ ක්‍රියාත්මකද? විනාසයක් වනතුරු ඔබ නින්දේද?
එස් එස් මුතුමාල නම් නිලධරයා (RSP IG SLA) ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කපිතාන් වරයකු වන එරංග හස්තික වෙල්ලන්ගිරිය වන පුද්ගලයාට සිදුකරනු ල...

https://www.sathhanda.com/2015/10/maj-ss-muthumala.html
එස් එස් මුතුමාල නම් නිලධරයා (RSP IG SLA) |
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කපිතාන් වරයකු වන එරංග හස්තික වෙල්ලන්ගිරිය වන පුද්ගලයාට සිදුකරනු ලැබූ අමානුෂික පහරදීමක් සහ එය යටගැසීම සදහා ගනු ලබන උත්සහයක් පිළිබඳව වාර්තා වෙනවා. ඒ පිළිබඳව අපවෙත දන්වා ඒවා ඇති වාර්තාව පහත පලවන අතර අදාළ බලධාරීන් මේ පිළිබඳව හැකි ඉක්ක්මනින් අවධානය යොමු කරනු ඇති අප බලාපොරොත්තු වෙමු.
දැනට මාස 3 කට ආසන්න කාලයක් පනාගොඩ යුද්ධ හමුදා රෝහල් ගතව සිටින , ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ කපිතාන් වරයකු වන එරංග හස්තික වෙල්ලන්ගිරිය වන මාගේ පුතා කෙඩෙට් නිළධාරී පුහුනුවේදී ද, Junior Staff Course සහ Counter Insurgency and Jungle Warfare පාඨමාලා වලදී ද, උසස් සමාර්ථ ලබා ගැනීමට මාගේ පුතා සමත් විය.
මේ නිසාම කාලතුවක්කු රෙජිමේන්තුවහි සිටින, යුද්ධ අපරාධකාරී ම්ලේචත්වය සහ බේබදුකම සපිරි මේජර්/ ලුතිනන් කර්නල් වරුන්ගේ වෛරයට පාත්‍රව සිටින අතර, මාගේ පුතා 2015.07.24 දින අසනීපයකට ප්‍රථිකාර ගෙන වෛද්‍ය වර්ගීකරණයට ලක්ව සිටියදී මේජර් එස් එස් මුතුමාල නම් ම්ලේච්ඡ මේජර්වරයා විසින් රෙජිමේන්තු මධ්‍යස්ථානය තුලදී පහරදී තුවාල සිදුකර ඇත.
එයට ද පනාගොඩ හමුදා රෝහලෙන් ප්‍රතිකාර ලද පසු, එහිදී නිර්දේශකර තිබූ වෛද්‍ය නිවාඩු ව ලබා ගැනීමට රෙජිමේන්තු මධ්‍යස්ථානයට පැමිනි පසු, ලුතිනන් කර්නල් චමිල මුණසිංහ සහ හේමක සෙනෙවිරත්න යන අය විසින් අදාල වෛද්‍ය නිවාඩුව ලබා නොදී, අදාල පහරදීම සිදු නොවූ බවට ප්‍රකාශයක් ලබාදෙන ලෙස බලකරමින් අත්අඩංගුවේ රදවාගෙන ඇත.
මේජර් එස් එස් මුතුමාල කල පහරදීම වසන් කිරීම සදහා ඉහත කී ලුතිනන් කර්නල් වරුන් විසින් මාගේ පුතාට යම් අපරාධයක් සිදුකර එය සිය දිවි නසාගැනීමක් බවට පත්කරණු ඇති බවට වන සාධාරණ සැකයක් ඇතිවුනි.
( ලුතිනන් කර්නල් චන්න සෙනෙවිරත්න විසින් මාගේ පුතා මරා දමා එය සිය දිවි නසා ගැනිමක් කරණ බවට සිදුකර ඇති තර්ජනයත්, ඔහු, මේජර් නාලක සමරනායක හා ගාමිණි ලොකුලියන හා එක්ව අධික ලෙස මත් පැන් පානය කර හමුදා සෙබළුන් ලවා මාගේ පුතා තලාව කදවුර ඉදිරිපිට ඇලක ගිල්වා මරණයට පත් කිරීමට උත්සහ කර තිබීමත්, මාගේ පුතා පනාගොඩ හමුදා කදවුරේ සිටියදීත්, ඔහු එහි නොමැති බවට අසත්‍ය රාජකාරී පනිවුඩයක් යුද්ධ හමුදා මූලස්ථානයට යවා තීබීමත් නිසා අප තුල හටගත් බිය හේතු සහිත වේ.)
එබැවින්, යුද්ධ හමුදාවේ උසස් නිලධාරීන් දැනුවත් කිරීමෙන් පසුව, කුමන්ත්‍රනය ව්‍යර්ථ කරවා වහාම අත්අඩංගුවෙන් මුදවා නිවාඩු ලබා දෙන ලදි. දැනට මාගේ පුතා පනාගොඩ යුද්ධ හමුදා රෝහලේ සිටින අතර, කාලතුවක්කු රෙජිමේන්තුවේ ලුතිනන් කර්නල් චමිල මුණසිංහ සහ හේමක සෙනෙවිරත්න යටතේ සිදුකල ඊනියා පරීක්ෂණය අපරාධ වින්දිතයාවන මාගේ පුතාට සහ සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුකල එකක් විය. එබැවින් සාධාරණ හා අපක්ෂපාත පරීක්ෂණයක් වෙනුවෙන් සේනාධිනායක ගරු ජනාධිපති තුමා වෙත අභියාචනය කල අතර, ආරක්ෂක ලේකම් තුමා ද දැනුවත් කලෙමි.
මේ සම්භන්ධව අප විසින් ඉදිරිපත් කල ලිපි සහ ලැබුනු පිලිතුරු මේ සමඟ ඇත.
Related