අගමැති අද කියෝතෝ විද්‍යා හා තාක්ෂණ සමුළුව අමතයි
ජපානයේ නිල සංචාරයක නිරත වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (04) කියෝතෝ නුවරදී ආරම්භ වන විද්‍යා හා තාක්ෂණ සංසදය සමුළුවද රනිල් වික්...
https://www.sathhanda.com/2015/10/ranil-wickramasinghe-visits-japan.html?m=0
ඊට අමතරව පෙරවරුවේ ජපාන අග්‍රාමාත්‍ය ෂෙන්සෝ අබේ මහතා සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කරනවා. එය පැවැත්වෙන්නේ කියෝතෝ නුවරදීයි.
අග්‍රාමාත්‍යවරුන් දෙදෙනා අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා වට දෙකක් පැවැත්වෙන බවයි. අද පැවැත්වෙන්නේ ඉන් පළමුවැන්නයි. දෙවන ද්වී පාර්ශ්වික සාකච්ඡා වටය අනිද්දා ටෝකියෝ නුවරදී පැවැත්වෙනවා.
සිවුදින නිල සංචාරයක් සඳහා ජපානය බලා ගිය අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස ඊයේ (03) පස්වරුවේ ඔසාකා කංසායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් එරටට පැමිණියා.
මෙම සංචාරයේදී අග්‍රාමාත්‍යවරයා ජපාන පාර්ලිමේන්තුවද ඇමැතීමට නියමිතයි.


Related