සුසන්තිකා ජාත්‍යන්තර වැඩකට අතගසයි
https://www.sathhanda.com/2015/10/susanthika-jayasinghe-foundation.html?m=0
අභිනවයෙන් ස්ථාපිත කෙරෙන ‘සුසන්තිකා ජයසිංහ පදනමෙන්’ ඉදිරි වසර පහක කාලයක් ඇතුළතදී ජාත්‍යන්තර මට්ටමේ අංග සම්පූර්ණ ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට සැලසුම්කර තිබේ. ඒ සඳහා කුරුණෑගල අවටින් භුමියක් ලබාදීමට ජනාධිපති
මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රතිඥා දී තිබෙන බව එම පදනමේ සභාපතිනි, ඔලිම්පික් රිදී පදක්කම්ලාභිනී, සුසන්තිකා ජයසිංහ මහත්මිය පෙරේදා (28) කොළඹ පදනම් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසුවාය.
ක්‍රීඩා, වෛද්‍ය, නීති, ව්‍යාපාරික ආදී ක්ෂේත්රයන්හි විද්වතුන් පිරිසකගෙන් යුත් අධ්යක්ෂ මණ්ඩලයකින් සමන්විත සුසන්තිකා ජයසිංහ පදනම ලබන ඔක්තෝබර් 7 වැනිදා නිල වශයෙන් ස්ථාපිත කිරීමට නියමිතය.

Related