උපාලි කොඩිකාර රක්ෂිත බන්ධනාගාර ගත කරයි
අත්අඩංගුවට ගත් එක්සත් ජනතා නිදහස් සන්ධාන බස්නාහිර පළාත් සභා මන්ත්රී උපාලි කොඩිකාර ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. අල...
https://www.sathhanda.com/2015/10/upali-kodikaara-remanded.html?m=0
අත්අඩංගුවට ගත් එක්සත් ජනතා නිදහස් සන්ධාන බස්නාහිර පළාත් සභා මන්ත්රී උපාලි කොඩිකාර ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
අලුත්කඩේ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු කොළඹ ප්රධාන මහේස්ත්රාත් ගිහාන් පිලපිටිය අදාළ නියෝගය නිකුත් කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.
බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්රයේ පිහිටි බරපතළ වංචා සෙවීම පිළිබඳ ජනාධිපති පරික්ෂණ කොමිසන් සභාව වෙත පසුගිය සිකුරාදා පැමිණි අවස්ථාවේදී පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කර තර්ජනය කිරිම සම්බන්ධයෙන් උපාලි කොඩිකාරට එරෙහිව චෝදනා එල්ල වී ඇත.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය පැවසුවේ මිට පෙර අධිකරණ නියෝග නොතකා අල්ලස් හෝ දුෂණ කොමිසම ඉදිරිපිට විරෝධතාවක නිරතවීම හේතුවෙන් සැකකරු ඇප මත නිදහස්ව සිටින අයෙකු බවයි.
කරුණු සලකා බැලූ කොළඹ ප්රධාන මහේස්ත්රාත්වරයා, මෙවැනි හැසිරීම් මහජන නියෝජිතයෙකුට සුදුසු නොවන බව ප්රකාශ කර සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර ඇත.


Related