රට දිනූ නායකයාට 70 වියට පා තබයි - හෙට ශ්‍රී මහා බෝධිය අබියස පිංකම්
මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් හෙට (18 වැනිදා) පස්‌වරු 4.00 ට අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියසදී ඒකාබද්ධ විපක්‍ෂයේ...
https://www.sathhanda.com/2015/11/70.html?m=0
මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් හෙට (18 වැනිදා) පස්‌වරු 4.00 ට අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියසදී ඒකාබද්ධ විපක්‍ෂයේ මෙහෙයවීමෙන් විශේෂ ආගමික උත්සවයක් පැවැත්වේ. හිටපු ජනාධිපතිවරයාට ආශිර්වාද පතා පැවැත්වෙන මෙම ආගමික උත්සවය මහා සංඝරත්නය ප්‍රමුඛ පාර්ලිමේන්තුවේ ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන් හා හිටපු පළාත් පාලන ආයතන මහජන නියෝජිතයන් සහභාගිවීමට නියමිතය.
බෞද්ධ ආගමික වතාවත්වලින් අනතුරුව හින්දු, ක්‍රිස්‌තියානි, ඉස්‌ලාම් ආගමික වතාවත් සිදුකෙරෙනු ඇත.
මෙරටට කිසිදිනක අමතක කළ නොහැකි මාතෘ භූමිය දිනාදුන් රාජ්‍ය නායකයා වූ මහින්ද රාජපක්‍ෂ මහතාට ධෛර්යය ශක්‌තිය ලබාදෙන මෙම ආගමික උත්සවයට සහභාගිවන ලෙස ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු කණ්‌ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.



Related