ඇවන් ගාර්ඩ් නිසා කැබිනට් මණ්ඩලේ කචල් - යහපාලනය දෙදරයිද?
ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් නීතිය හා සාමය පිළිබඳ ඇමැති තිලක් මාරපන පාර්ලිමේන්තුවේදී පෙරේදා කළ ප්‍රකාශයට විරෝධය පා ඇමැති චම්පික රණවක සහ ඇ...
https://www.sathhanda.com/2015/11/avant-garde-floating-armoury_6.html?m=0
ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් නීතිය හා සාමය පිළිබඳ ඇමැති තිලක් මාරපන පාර්ලිමේන්තුවේදී පෙරේදා කළ ප්‍රකාශයට විරෝධය පා ඇමැති චම්පික රණවක සහ ඇමැති රාජිත සේනාරත්න මහත්වරු ඊයේ (05) පෙරවරුවේ පැවති කැබිනට් හමුවේදී දැඩිව වාග් ප්‍රහාර එල්ල කිරීම නිසා කැබිනට් හමුව තුළ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් උද්ගත වී තිබිණි. පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරු දෙදෙනකුම ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධව මුනිවත රැකීම දැඩිව හෙළා දකින බව පවසමින් ඇමැතිවරුන් වන රාජිත සේනාරත්න සහ පාඨලී චම්පික රණවක මෙසේ වාග් ප්‍රහාර එල්ල කර තිබේ.
මේ අතර ඇමැති පාඨලී චම්පික රණවක අදහස් දක්වමින් “ජනාධිපතිතුමා, අගමැතිතුමා මතක තියාගන්න මෙහෙම නම් මේවා සිදුවෙන්නේ මම දේශපාලන තීන්දුවක් ගන්නත් ලෑස්තියි” යනුවෙන්ද පවසා තිබේ.
ඇමැති රාජිත සේනාරත්නද ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධව අදහස් දක්වමින්, ‘මේ විදියට නම් ආණ්ඩුව යන්නේ මමත් තීන්දුවක් ගන්න සූදානම්’ යැයි පවසා ඇත.
ඒ අනුව කැබිනට් හමුවේදී ජනාධිපතිවරයා නීතිය හා සාමය පිළිබඳ ඇමැති තිලක් මාරපනගෙන් මේ පිළිබඳ කරුණු විමසා ඇතැයිද වාර්තා වේ.
මෙම උණුසුම්කාරී තත්ත්වය සමනය කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ සම්බන්ධව කතා කිරීමට වෙනම ඇමැති හමුවක් පැවැත්වීමටද යෝජනා කර තිබේ.

Related