හකීමුත් කල කිරිලා - යහපාලනයේ දෙදරීමක් ගැන හකීම් ඉඟි කරයි
දැන් යහපාලන රජය තුළ ගැටුම්කාරී තත්ත්වයක් ඇති වී තිබෙන බවත් සතිපතා පැවැත්වෙන ඇමති මණ්‌ඩල රැස්‌වීමට අමතර විශේෂ ඇමති මණ්‌ඩල රැස්‌වීමක් ජනා...
https://www.sathhanda.com/2015/11/blog-post_17.html?m=0
ඔහු මේ බව පැවසූවේ පසුගිය 07 වැනිදා මහනුවර පොල්ගොල්ලේ මහින්ද රාජපක්‍ෂ රඟහලේදී පැවති ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයේ 26 වැනි සමුළුව අමතමිනි.
“පශ්චාත් යුද සමයේ අපේ අපේක්‍ෂාවන් ඉටුනොවුණු බැවින් එම අපේක්‍ෂාවන් ඉටුකර ගැනීමේ අභිලාශයෙන් යහපාලන රජයක් බිහිකර ගැනීම සඳහා ජනවාරි 08 වැනිදා අරගලයට ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය විශාල යුග මෙහෙවරක් ඉටුකළා. නමුත් අපේ අපේක්‍ෂාවන් මෙතෙක් ඉටුවූයේ නැති බැවින් අපි කනස්‌සල්ලට පත්වී සිටිනවා“ යැයි ද රාවුෆ් හකීම් පැවසී ය.
ජනතාවගේ බලාපොරොත්තු ඉටුවිය යුතු බවත් දැන් ඇතිවී තිබෙන තත්ත්වය අනුව යහපාලන රජයේ ඇමති මණ්‌ඩලය තුළත් එකමුතුවක් ඇති කරගත නොහැකි තත්ත්වයක් පවතින බවත් හෙතෙම වැඩිදුරටත් පැවසී ය.

Related