ප්ලේන්ටියේ සිට කෑම පැකට්ටුව දක්වා මිල වැඩිවේ
අයවැයෙන් අඩුකළ මිල ගණන් වෙළඳපොලේ ක්‍රියාත්මක නොකිරීමට විරෝධය පළ කරමින් සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය ආහාරපානවල මිල ගණන් වැඩි කිරීමට ත...
https://www.sathhanda.com/2015/11/blog-post_41.html
ඒ අනුව වැඩි කළ නව මිල ගණන් යටතේ ආප්පයක මිල රුපියල් 15ක් ද තේ එකක මිල රුපියල් 15ක් ද කිරි තේ එකක මිල රුපියල් 30 ක් ද වනවා.කෑම පැකට්ටුවක මිල ද රුපියල් දහයකින් ඉහළ දමන බවයි සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් සඳහන් කරයි.
කළු කඩ ත්‍රස්තවාදය සම්බන්ධයෙන් රජය අවදානය යොමු කළහොත් වැඩි කරන මිල ගණන් ඉදිරියේදී යලිත් අඩු කරන බවයි සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් වැඩි දුරටත් ප්‍රකාශ කළේ.මීට පෙර මෙම ආහාර සඳහා පාලන මිලක් නියම වූ අතර තේ එකක මිල රුපියල් 10 ක්,කිරි තේ එකක මිල රුපියල් 30ක් සහ ආප්පයක මිල රුපියල් 10ක් ලෙස එහිදී අළෙවි කරනු ලැබුවා.


Related