රවිට එරෙහි ඒකාබද්ධ විපක්‍ෂයේ විශ්වාසභංගය අද කථානායකට
මුදල් ඇමැති රවි කරුණානායකට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඒකාබද්ධ විපක්‍ෂය විසින් අද (26දා) කථානායකවරයාට භාරදීමට නියමිතය. ඒකාබද්ධ විපක්‍ෂයේ න...
https://www.sathhanda.com/2015/11/blog-post_43.html
ඒකාබද්ධ විපක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධාන්තවයෙන් පෙරේදා (24දා) රාත්‍රි රැස් වූ ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගේ රැස්‌වීමේදී ඒකමතිකව මෙම තීරණය ගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පැවැසීය.
මෙවර අයවැයෙන් අධ්‍යාපනයට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5.6 ක් වෙන් කළ බව පවසමින් ජනාධිපතිවරයා, පාර්ලිමේන්තුව, පාසල් දරුවන් ප්‍රමුඛ මෙරට පුරවැසියන් නොමග යෑවීම දේශපාලන සාහසික ක්‍රියාවක් ලෙස සලකා මුදල් ඇමැතිවරයාට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කෙරෙන බව ද අලහප්පෙරුම වැඩිදුරටත් සඳහන් කළේය.
ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන් සියලුදෙනා මෙම සාකච්ඡාවට එක් වී ඇත.


Related