ශ්‍රී ලාංකික කතකට ගල්ගසා මරාදැමීමට නියම වෙයි
අනියම් ලිංගික ඇසුරක් පැවැත් වූ බවට වරදකාරිය වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් ගල් ගසා මරා දැමීමට සෞදි අධිකරණයක් නියෝග කර තිබෙනවා. මෙලෙස දඬුවම...
https://www.sathhanda.com/2015/11/blog-post_70.html?m=0
අනියම් ලිංගික ඇසුරක් පැවැත් වූ බවට වරදකාරිය වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් ගල් ගසා මරා දැමීමට සෞදි අධිකරණයක් නියෝග කර තිබෙනවා. මෙලෙස දඬුවම් නියම වී ඇත්තේ මරදාන ප්‍රදේශයේ පදිංචි විවාහක කාන්තාවකටයි. සෞදියේ සේවය කරන තවත් ශ්‍රී ලාංකිකයෙකු සමග ඇය අනියම් ඇසුර පවත්වා තිබෙනවා. එම තරුණයාට ද සෞදි අධිකරණය විසින් කස පහර සියයක් නියම කෙරුණා.
තමන්ට එරෙහි චෝදනාව සම්බන්ධයෙන් අදාළ කාන්තාව අධිකරණයේදී වරද පිළිගෙන ඇතැයි විදෙස් වාර්තාවල සඳහන්. කෙසේ වෙතත් ඇයට නියම කෙරුණු දඬුවම ලිහිල් කර ගැනීම සඳහා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය සෞදි රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි නෙත් නිවුස් වෙත වාර්තා වුණා.


Related