කෝප් සභාපති ධුරය හඳුන්නෙත්තිට
ජවිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ සභාපති ධුරයට පත් කර තිබේ. ඇමති රාවුෆ් හකීම් විසින් කරන ලද යෝජන...
https://www.sathhanda.com/2015/11/blog-post_96.html
ඇමති රාවුෆ් හකීම් විසින් කරන ලද යෝජනාව නියෝජ්‍ය ඇමති අජිත් පී. පෙරේරා විසින් ස්ථිර කිරීමත් සමඟ හඳුන්නෙත්ති මහතා එම තනතුරට පත් විය.
පාර්ලිමේන්තුවේ අගමැති, විපක්‍ෂ නායක, විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ආදී සියළු වගකීම් මේ වන විට බෙදා හදාගෙන ඇත්තේ මෛත‍්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති කිරීමට දර දිය ඇදි එක් වූ හංස සන්ධානයේ පාර්ශවයන් විසින් යයි චෝදනා එල්ල වෙමින් තිබේ.
මේ අතර නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පාර්ලිමේන්තු ගිණුම් කාරක සභාවේ සභාපතිවරයා ලෙස පත් කර ඇත.


Related