දරුවා දුම්රියට තල්ලු කර මව පලා යයි - පොලිස් කතක් පැන දරුවා බේරා ගනියි
අද පෙරවරුවේ මහනුවර සිට මාතලේ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියට තම හය හැවිරිදි දරුවා දුම්රියට තල්ලු කර ඝාතනය කිරීමට උත්සාහ කළ කාන්තාවක මහනුවර...
https://www.sathhanda.com/2015/11/kandy-train.html?m=0
අද පෙරවරුවේ මහනුවර සිට මාතලේ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියට තම හය හැවිරිදි දරුවා දුම්රියට තල්ලු කර ඝාතනය කිරීමට උත්සාහ කළ කාන්තාවක මහනුවර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදී එම ස්ථානයේ සිටි මහනුවර පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල්වරියක එම දරුවා බේරාගෙන තිබේ. එම අවස්ථාවේ අදාළ කාන්තාව පළාගොස් ඇති අතර මහනුවර පොලීසිය සිදුකළ වැටලීමකදී ඇය අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
37 හැවිරිදි මෙම කාන්තාවට තවත් දරුවන් දෙදෙනෙකු ද සිටින අතර බාල දරුවා මෙලෙස දුම්රියට තල්ලු කිරීමට උත්සාහ දරා ඇති බව සඳහන්ය.


Related