ෆොන්සේකා නඩුවකින් පරදියි - ෆොන්සේකා කරපු වැඩේ කැතයි
බස්නාහිර පළාත් සභාව නියෝජනය කරන අශෝක දයාරත්න, දකුණු පළාත් සභාව නියෝජනය කරන පද්මසිරිද සිල්වා සහ වයඹ පළාත් සභාව නියෝජනය කරන මල්හාමි රත්නායක...
https://www.sathhanda.com/2015/11/sarath-fonseka.html?m=0
බස්නාහිර පළාත් සභාව නියෝජනය කරන අශෝක දයාරත්න, දකුණු පළාත් සභාව නියෝජනය කරන පද්මසිරිද සිල්වා සහ වයඹ පළාත් සභාව නියෝජනය කරන මල්හාමි රත්නායක මන්ත්රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සහ එහි විනය කමිටුව ගත් තීරණය නීති විරෝධී බවට තීරණය කළ අභියාචනාධිකරණය, එම පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමේ තීරණය ඊයේ (3) බල රහිත කළේය.
ඒ, අදාළ මන්ත්රීවරුන් ගොනුකර තිබූ පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේදිය.
පසුගිය ජනාධිපතිවරණ සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට ඔවුන් ගත් තීරණයත් සමඟ ප්රජාතන්ත්රවාදී පක්ෂය මෙම මන්ත්රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවනු ලැබිය.
කෙසේවුවද, එම පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමේ ක්රියාවලිය යුක්ති මූලධර්මයට පටහැනි බව මෙම පෙත්සම සම්බන්ධ අභියාචනාධිකරණ තීන්දුවේ සඳහන් වෙයි.


Related