පොලිසියෙන් පහරදුන් සිසුවිය මාධ්‍ය ඉදිරියේ [VIDEO]
පොලීසියෙන් එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරයෙන් පසු ඇතිවූ මුහුණේ දැවිල්ල නැති කරගන්නට ලිප්ටන් වටරවුමේ පොකුණකින් මුහුණ සෝදමින් සිටි මට පොලීසියෙන...
https://www.sathhanda.com/2015/11/sasini-sandeepani-video.html?m=0
අන්තර් උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව හදාරන සිසුන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවයේ දී මේ ප්‍රහාරය එල්ල විය.
ප්‍රහාරය නිසා තමන් දින 4ක් කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ බව කී එම ශිෂ්‍යාව තමන්ගේ හිසේ වේදනාව අඩු නොවන නිසා නැවතත් සී.ටී ස්කෑන් පරීක්ෂණයක් සිදු කළ යුතු බව වෛද්‍යවරුන් පවසන්නේ යැයි ද සඳහන් කළාය.
ඇය මේ බව පැවසුවේ මරදාන, ඞීන්ස් පාරේ සමාජීය හා සාමයික කේන්ද්‍රයේ දී අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


Related