අධ්යපනේට 6%ක් වෙන් කලාලූ.. ඕල්කට්තුමාගෙ වැඩත් මේ අයවැයට දාලා - මහින්ද රාජපක්ෂ
අධ්‍යාපනය සදහා 6%ක් වෙන් කර ඇති බව ආණ්ඩුව කියන්නේ ඕල්කට් තුමාගෙ කාලෙත් කල වැඩ එකතු කර බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. හ...
https://www.sathhanda.com/2015/12/6.html?m=0
අධ්‍යාපනය සදහා 6%ක් වෙන් කර ඇති බව ආණ්ඩුව කියන්නේ ඕල්කට් තුමාගෙ කාලෙත් කල වැඩ එකතු කර බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
හම්බන්තොටදී පැවති උත්සව සභාවක් අමතමින් මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.
‘අයවැයේ කතා කරන්න දෙයක් නැති තරමට හොදයි. ඒ බව තව ටික කලක් යන විට දැනෙන්න පටන් ගනියි. ආණ්ඩුව කියනවා අධ්‍යාපනයට 6% ක් වෙන්කරලා තිබෙනවා කියලා. එක් අපිටත් කරන්න බැරිවුණු වැඩක් කරනවානම් හොදයි. ගණන් හිලව් නම් පෙන්නලා තිබෙනවා. අපේ කාලයේ කළ වැඩ පමණක් නොව ඕල්කට් තුමාගේ කාලේ වැඩත් ඒ අයගේ ගිණුමට දාගෙන. කියලා සමහරු කියනවා මේක තමයි අලූත් ගණන් සාස්තරේ කියලා’


Related