වාස් ඇතුළු 6 දෙනාගෙන් අභියාචනයක්
මරණීය දණ්ඩනය නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් 06 දෙනා එම දඬුවමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචන...
https://www.sathhanda.com/2015/12/6_10.html?m=0
මරණීය දණ්ඩනය නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් 06 දෙනා එම දඬුවමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනා ඉදිරිපත් කර තිබේ.
ඔවුන්ගේ නීතීඥවරුන් විසින් ඊට අදාළ අභියාචනා අද කොළඹ මහාධිකරණය වෙත භාරදුන් බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය. එහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර ඇත.
අභියාචනා ඉදිරිපත් කළ විත්තිකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දැනුම් දී ඇත්තේ තමන්ට එරෙහිව තීන්දුව ප්‍රකාශ කිරීමේදී මහාධිකරණ විනිසුරුවරුන් සාක්ෂි නිසි ආකාරයෙන් ඇගයීමට ලක්කර නොමැති බවයි.
මේ හේතුවෙන් තමන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇති බව අභියාචනා මඟින් විත්තිකරුවන් ප්‍රකාශ කර ඇත.
එම නිසා එම අභියාචනා විභාගයට ගෙන තමන්ද සියලු චෝදනා වලින් නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් විත්තිකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.

Related