උතුරෙන් එවන ආධාර තමිල්නාඩුව එපා කියයි මුරලිගේ සංගාගේ ආධාරත් වැට උඩ
තමිල්නාඩුවේ හටගත් ගංවතුරෙන් පීඩාවට පත් ඉන්දීය ජනතාව වෙත යෑවීම සඳහා උතුරු පළාත් සභාව හා යාපනයේ තවත් සංවිධාන ගණනාවක් විසින් මුදල් හා ද්‍රව...

https://www.sathhanda.com/2015/12/blog-post_53.html
තමිල්නාඩුවේ හටගත් ගංවතුරෙන් පීඩාවට පත් ඉන්දීය ජනතාව වෙත යෑවීම සඳහා උතුරු පළාත් සභාව හා යාපනයේ තවත් සංවිධාන ගණනාවක් විසින් මුදල් හා ද්‍රව්‍යමය ආධාර එකතු කොට ඇතත් ඒවා භාරගැනීම ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්‌ෂේප කොට ඇත.
තමිල්නාඩු ගංවතුරෙන් පීඩාවට පත් ජනයා වෙනුවෙන් විදේශීය ආධාර භාර නොගැනීමට ඉන්දීය මධ්‍යම රජය විසින් ගෙන ඇති තීරණය අනුව මෙම ආධාර භාරගත නොහැකි බව යාපනයේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය උතුරු පළාත් සභාවට දැනුම්දී ඇතැයි උතුරේ ආරංචි මාර්ග සඳහන් කරයි.
උතුරු පළාත් සභාව සහ තවත් රාජ්‍ය නොවන සංවිධාන ගණනාවක් විසින් උතුරේ ප්‍රදේශ ගණනාවක ආධාර එකතු කිරීමේ මධ්‍යස්‌ථාන අරඹා මූල්‍යාධාර ලබා ගැනීම සඳහා බැංකු ගිණුම්ද විවෘතකොට තිබේ. මේවාට උතුරේ ජනතාව ද්‍රව්‍යමය ආධාර සහ මුදල් විශාල ලෙස ලබාදී ඇති බවද දැන ගන්නට ඇත.
තමිල්නාඩු ප්‍රාන්ත ආණ්‌ඩුව සමඟ හොඳහිත වර්ධනය කිරීමේ අරමුණෙන් උතුරු පළාත් සභාව ඇතුළු සංවිධාන මෙසේ ආධාර එකතු කළද ඉන්දීය ෙµඩරල් පාලන ක්‍රමයක් පවතින සුවිශේෂ ලක්‌ෂණයක් වන මධ්‍යම රජයේ අණ ඉක්‌මවා යැමට කිසිදු ප්‍රාන්තයක ආණ්‌ඩුවකට නොහැකි තත්ත්වයක් යටතේ මෙම ආධාර යෑවීම ඇනහිට තිබෙන බව උතුරේ ආරංචි මාර්ග තවදුරටත් ප්‍රකාශ කළේය.
මේ අතර හිටපු ටෙස්‌ට් ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ඉන්දීය රුපියල් කෝටියක් තමිල්නාඩු ගංවතුර අනාථයන් වෙනුවෙන් පරිත්‍යාග කිරීමට යන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කොට තිබුණි. හිටපු ටෙස්‌ට් නායක කුමාර් සංගක්‌කාරද මේ සඳහා මුදල් ආධාර පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වී ඇතැයිද එම මාධ්‍ය වාර්තාවල සඳහන් විය. එහෙත් මේ තත්ත්වය යටතේ එම ආධාරද ඉන්දියාවට භාරදීම ප්‍රශ්නයක් වනු ඇතැයි උතුරේ ආරංචි මාර්ග කියයි.
Related