ඔබාමාගේ නියෝජිතයෙක් අද දිවයිනට
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ උපදේශක තෝමස් ෂැනන් අද (14) දිවයිනට පැමිණීමට නියමිතයි.එ් තෙදින නිල සංචාරයක් සඳහායි. ඔහු ලබන 16 වැනිදා දක්...
https://www.sathhanda.com/2015/12/blog-post_99.html?m=0
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ උපදේශක තෝමස් ෂැනන් අද (14) දිවයිනට පැමිණීමට නියමිතයි.එ් තෙදින නිල සංචාරයක් සඳහායි. ඔහු ලබන 16 වැනිදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතයි. සිය සංචාරය තුළදී තෝමස් ෂැනන් මෙරට රජයේ ඉහළ පෙළේ නිලධාරීන්, සිවිල් සංවිධාන නියෝජිතයන් සහ ව්‍යාපාරික ප‍්‍රජාවද හමු වී සාකච්ඡා කරනු ඇති. එහිදී සංවර්ධනය, ආරක්ෂාව, ආර්ථිකය සහ කලාපයීය සහයෝගිතාව පිළිබඳ අවධානය යොමු කිරීමට නියමිතයි. එමෙන්ම ෂැනන් ඇතුළු පිරිස නැගෙනහිර පළාතේද සංචාරයක නිරත වීමට නියමිතයි. එ් අමෙරිකානු ආධාර යටතේ කි‍්‍රයාත්මක ව්‍යාපෘති නිරීක්ෂණය කිරීමේ අරමුණින්. තෝමස් ෂැනන්, අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී උපදේශකවරයෙකු ලෙසද කටයුතු කරනවා-

Related