ඇඟලුම් සේවිකාවගේ මරණයට සැක තරුණයා 'සිසුවියකුත් සමග' කඳු මුදුනක වස පානය කරයි [PHOTOS]
මහියංගනය, ගැමුණුපුර ඇඟලුම් කම්හලක සේවය කළ තරුණියකගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි සැකකරු වස පානය කර සිටියදී පොලිසිය විසි...
https://www.sathhanda.com/2015/12/photos_4.html?m=0
මහියංගනය, ගැමුණුපුර ඇඟලුම් කම්හලක සේවය කළ තරුණියකගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි සැකකරු වස පානය කර සිටියදී පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා. ඒ මහියංගනය, සෙනසුන්ගල පර්වතය මුදුනේදීයි. ඔහු වස පානය කර ඇත්තේ ඔහුගේ පෙම්වතිය බවට සැකකෙරෙන තවත් තරුණියක් සමග බවයි පොලිසිය පැවසුවේ. මහියංගණය අලුකැටියකාව ප්‍රදේශයේ වත්තක තිබී 18 වැනි වියේ පසු වූ රම්‍යා විදර්ශනී නම් වන තරුණියගේ මළ සිරුර ඊයේ හමුවූ අතර (02) ඇගේ සිරුව අඩ නිරුවත්ව තිබූ බවයි වාර්තා වුණේ.මේ සම්බන්ධයෙන් සැකපිට පොලිසිය විසින් සොයමින් සිටිය දී වස පානය කර ඇති සැකකරුගේ වයස අවුරුදු 18ක්.
ඔහු සමග වස පානය කර සිටියදී සොයා ගෙන ඇත්තේ 15 හැවිරිදි සිසුවියක් බවයි පොලිසිය කියා සිටියේ. ඔවුන් දෙදෙනාම වැඩිදුර ප්‍රතිකාර සඳහා මහියංගනය මූලික රෝහලට ඇතුලත් කෙරුණා.


Related