ඇඹිලිපිටිය පොලීසියේ 21ක් ස්ථානමාරු - එස්.ටී.එෆ් කැඳවයි
ඇඹිලිපිටිය පොලීසියේ නිලධාරීන් 21 දෙනෙකු තාවකාලිකව ස්ථානමාරු කර යවා තිබේ. පෙරේදා ඇඹිලිපිටිය නව නගරයේ නිවසක පැවති සාදයක් අතරතුරදී නිවැස...
https://www.sathhanda.com/2016/01/21.html?m=0
ඇඹිලිපිටිය පොලීසියේ නිලධාරීන් 21 දෙනෙකු තාවකාලිකව ස්ථානමාරු කර යවා තිබේ.
පෙරේදා ඇඹිලිපිටිය නව නගරයේ නිවසක පැවති සාදයක් අතරතුරදී නිවැසියන් හා පොලීසිය අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණ වලට බාධාවක් නොවන ලෙස මෙම ස්ථානමාරු කිරීම සිදුකර ඇති කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
මෙම පොලිස් නිලධාරීන් 21 දෙනා සීතාවක පොලිස් කොට්ඨාසයට සහ කෑගල්ල පොලිස් කොට්ඨාසයට මාරු කර යවා ඇති බව සඳහන්ය.
මේ අතර ප්‍රදේශවාසින් විසින් අද දහවල් නගර මධ්‍යයේ ටයර් පුළුස්සා පොලීසියට විරෝධය පළ කිරීමෙන් පසු මේවන විට ඇඹිලිපිටියට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ලබාදී තිබේ.

Related