ජනපතිට බැන් කි මූන්ගෙන් සුබපැතුම්
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බැන් කී මූන් මහතා ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා වෙත සුබපැතුම් පණිවුඩයක් එවා තිබෙනවා. එහි දැක්වෙන්නේ...
https://www.sathhanda.com/2016/01/blog-post_18.html?m=0
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බැන් කී මූන් මහතා ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා වෙත සුබපැතුම් පණිවුඩයක් එවා තිබෙනවා. එහි දැක්වෙන්නේ නව දේශපාලන සංස්කෘතියකට අඩිතාලම දමමින් මෛතී‍්‍රපාල සිරිසේන මහතා දේශපාලන සංක‍්‍රාන්තියකට මුල්පිරූ බවයි. ජනතාවට කල්පවත්නා සාමයක්, ස්ථාවරත්වයක් සහ සමෘද්ධියක් ඇති කර ගැනීම අරමුණු කර ගත් රජයේ පුළුල් ප‍්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ වෙනුවෙන් ඇති කැපවීමද අගය කරන බවයි එම සුබපැතුම් පණිවුඩයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වාදීමට ගෙන ඇති යෝජනාවද අගය කරන බවයි බැන්කී මූන් මහතා පෙන්වා දෙන්නේ.

Related