වී අළෙවි මණ්ඩලය මත්තලට පොලු තියල?
මත්තල ගුවන් තොටුපොලේ ගබඩා කර ඇති වී තොග අද (14) ඉවත් කර ගන්නා බව ග‍්‍රාමීය ආර්ථිකය පිළිබද අමාත්‍යාංශය පවසනවා. ඔවුන් නිකුත් කළ නිවේදනයක දැ...
https://www.sathhanda.com/2016/01/blog-post_287.html?m=0
මත්තල ගුවන් තොටුපොලේ ගබඩා කර ඇති වී තොග අද (14) ඉවත් කර ගන්නා බව ග‍්‍රාමීය ආර්ථිකය පිළිබද අමාත්‍යාංශය පවසනවා. ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ වී මෙට්‍රේක් ටොන් හාරදහස් පනස් හතරක් එහි ගබඩා කර තිබෙන බවයි. මේ අතර වී ගබඩාවක් පවත්වා ගෙන යාම වෙනුවෙන් මත්තල ගුවන් තොටුපොලට අයවිය යුතු කුළිය වී අලෙවි මණ්ඩලය විසින් තවමත් ගෙවා නැතැයි ප‍්‍රවාහන අමාත්‍යාංශය පැවසුවා.
මෙලෙස වි ගබඩාවක් පවත්වාගෙන යාම නිසා මත්තල ගුවන් තොටුපොලේ ඇතැම් උපකරණවලට හානිද සිදුව තිබෙන බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් කියාසිටියේ. මේ අතර මත්තල ගුවන් තොටුපොලේ වී ගබඩා කිරීම ඉකුත් සමයේ දැඩි කතාබහට ලක් වූ මාතෘකාවක්. අමාත්‍ය පී හැරිසන් පැවසුවේ එම ගුවන් තොටුපොලේ වී ගබඩා කිරිමට සිදුවුයේ කිසිවෙකුට හෝ රිදවීමට නොව ගොවීන්ගේ යහපත වෙනුවෙන් බවයි. කෙසේවෙතත් වී ගබඩා කිරිම නිසා මත්තල ගුවන් තොටුපොලට හිමි ජාත්‍යන්තර පිළිගැනීම අහිමි වන බව ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවසුවා. ඔහු පෙන්වා දුන්නේ ජාත්‍යන්තර ගුවන් තොටුපොලක් සම්බන්ධයෙන් පවත්වාගෙන යායුතු කිසියම් ප‍්‍රමිතීන් සමූහයක් වන බවයි.


Related