යහපාලන පොර පිටිය නිසා තවම නීති පති කෙනක් නෑ - තම තමනට හිතවතුන් පත් කරගැනීමට වලි කති.
ශ්‍රී ලංකාව මේ වනවිට නීතිපතිවරයෙකු නොමැති රටක් බවට පත්ව ඇති බව වාර්තා වේ. හිටපු නීතිපති යුවන්ජන් විජේතිලක විශ්‍රාම යෑමෙන් අනතුරුව වැඩ බලන...
https://www.sathhanda.com/2016/01/blog-post_316.html
ශ්‍රී ලංකාව මේ වනවිට නීතිපතිවරයෙකු නොමැති රටක් බවට පත්ව ඇති බව වාර්තා වේ. හිටපු නීතිපති යුවන්ජන් විජේතිලක විශ්‍රාම යෑමෙන් අනතුරුව වැඩ බලන නීතිපතිවරයෙකු ලෙස පත් කරන ලද සුහද ගම්ලත්ගේ ධුර කාලය තවදුරටත් දීර්ඝ නොකිරීම හේතුවෙන් පෙරේදා (24දා) මධ්‍යම රාත්‍රියේ සිට මේ තත්ත්වය උදා වී ඇතැයි සඳහන් වේ.
යුවන්ජන් විජේතිලක නීතිපති ධුරයෙන් විශ්‍රාම යෑමෙන් අනතුරුව නීතිපති තනතුරට ස්ථිර පුද්ගලයෙකු පත් නොකොට එම තනතුරේ වැඩ බැලීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් පත් කෙරුණු අතර, ඔහුගේ එම ධුර කාලය දින 14කට පමණක් බලපැවැත්වෙන බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි. එම දින 14 පෙරේදා (24දා) වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය.
ඊට පෙර සුහද ගම්ලත්ගේ වැඩ බලන නීතිපති තනතුරේ කාලය දීර්ඝ කිරීමට පිරිසක් සාකච්ඡා කළ බවත්, යම් යම් පාර්ශ්ව එම ධුරය සඳහා තවදුරටත් සුහද ගම්ලත් පත් කිරීමට විරෝධය පළකිරීම හේතුවෙන් ඔහුගේ වැඩ බලන තනතුර දීර්ඝ කොට නොමැති බවත්, ස්ථිර නීතිපතිවරයෙකු මේ දක්වා පත්කොට නොමැති බවත් ආරංචි මාර්ග වැඩිදුරටත් වාර්තා කරයි.
Related